IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මෝදි ජෙට් යානයකට නැගලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු හින්දුස්ථාන් එරොනොටික්ස් ඉන්ජිනේරු සමාගමට ගොස්, ඉන්දීය ගුවන් හමුදාව සඳහා 'තේජා' නමැති ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කරන අයුරු නිරික්ෂණය කළේය.

'තේජා' යනු ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන, ඒක් නියමුවකුට පමණක් ඉඩ ඇති ප්‍රහාරක ජෙට් යානා වර්ගවකි. 'තේජා' සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයකි. ඉන්දීය ගුවන් හමුදාවේ පමණක් නොව, නාවික හමුදාවේ ද අභිමානය ලෙස 'තේජා' ප්‍රහාරක යානා හැඳින්වෙයි.

'තේජා' ගුවන් යානා නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මෝදි ගුවන් හමුදා නියමුවකු සමඟ ඉන්දීය ගුවන් හමුදාවට අයත් වෙනත් ප්‍රහාරක යානාවකින් කෙටි ගුවන් ගමනකට ද එක් විය.

තමන්ට එය අපූරු අත්දැකීමක් වූ බවත් ඉන්දීය ගුවන් හමුදාව ගැන අභිමානයක් ඇති වුණු බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැවැසුවේය. ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවලට එක් කිරීම ද මෝදි අමතක කළේ නැත

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

මෝදි ජෙට් යානයකට නැගලා

පියනන්ද Sunday, 26 November 2023 09:35 AM

අපේ පොළවෙන් මතුවුණ ජනපති හිටියනම් මේ ඇඳුම කොපි කරනවා ෂුවර්. සඟ දාලා, අර හිනාව තද කරගෙන උඩින් උඩින් අඩි තිය තිය ගැම්මට යන හැටි මැවිලා පෙනිලා තේ එකත් ඉස්පොල්ලේ ගියා..

:       0       4

Kapila Monday, 27 November 2023 06:56 AM

අපේ මහින්ද මහත්තය හිටියනම් අපිට ජෙට් නෙවේ රොකට් යානයක යන්න තිබුන.. කොහෙද මෙයාල චාන්ස් එක කෑවනෙ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site