IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මෝදි ආපසු එයි

දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩිනමින් ආපසු ඉන්දියාවට පැමිණියේය.

කාශ්මීර බෙදුන්වාදී ත්‍රස්තයන්, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබුවේ 22 දා ය. එම වෙඩි තැබීම්වලින් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම් සිදුවූයේ සංචාරකයන් බහුලව ගැවසෙන පහල්ගම් නමැති පළාතේය. ඉන්දු කාෂ්මීරයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙයි. හල්ගම් පිහිටා ඇත්තේ, බයිසරාන් නිම්නයේය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සෞදි අරාබියේ සංචාරයකට ගියේ, සෞදිය සමඟ ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. මෝදි, සෞදියේ ජෙඩා අගනුවර බලා ගියේ තෙවැනි වරටය. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජෙඩා බලා ගියේ, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් හමුවීමෙන් අනතුරුවය. ජේඩී වැන්ස් පවුලේ සාමාජිකයන් ද සමඟ ඉන්දියාවට පැමිණියේ පසුගිය 20 වැනිදාය.

ජෙඩා නුවරට ගිය අග්‍රාමාත්‍ය මෝදිට, මහ ඉහළින් පිළිගැනීමක් හිමිවිය. මෝදි වෙනුවෙන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් රජු රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණු නමුත්, දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම සැලකිල්ලට ගනිමින් මෝදි ඊට සහභාගී නොවී ආපසු ඉන්දියාවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

ත්‍රස්ත ප්‍රහාරය සැලවුණු සැණින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවර බලා ගිය බවත්, අතරමගදී ඔහු සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ දුරකතන සංවාදයක් පැවැති බවත් පැවැසෙයි.

ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයෙන් කුවාල ලැබූවන් හමුදා හෙලිකොප්ටර්වලින් රෝහල් වෙත රැගෙන යෑම සිදුවුණු අතර ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය හමුදාව මෙහෙයුම් ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 



අදහස් (1)

මෝදි ආපසු එයි

fairoosmr Thursday, 24 April 2025 01:31 PM

ඒකට අපේ හිටපු ජනාධිපති සිංගප්පූරුවේ ඉඳලා එන්න දවස් 3ක් ගියා. පාස්කු වෙලාවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1643 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site