IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණැයි බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට ඉන්දුනීසියාවේදී මරණ දඬුවම

ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට චෝදනා ලද බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට එරට අධිකරණයක් ඊයේ (22) මරණ දඬුවම නියම කළේය.
ඉන්දුනීසියාවට අයත් සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතේ පිහිටි අවන්හලකට කොකේන් නැමති මත්ද්‍රව්‍ය සැපයීම පනස්හය හැවිරිදි ලින්ඞ්සේ සැන්ඩිෆෝඞ්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කරුණු දක්වමින් සැන්ඩිෆෝඞ් කියා සිටියේ සිය දරුවන්ට හිරිහැර කරන බවට අපරාධ කල්ලියක් කළ බලපෑම් සහ තර්ජන නිසා ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට තමාට සිදුවූ බවයි.  බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් වටිනා කොකේන් තොගයක් සොයා ගනු ලැබිණි.
නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ඇය බන්ධනාගාරය වෙත රැුගෙන ගිය අතර ඇයගේ නීතිඥයන් කියා සිටියේ අධිකරණය ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණැයි බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට ඉන්දුනීසියාවේදී මරණ දඬුවම

ගාමිණි Wednesday, 23 January 2013 10:12 PM

අනේ කිරි අම්මේ, ඔබට ලැබුණු දඩුවම නම් අගෙයි. (නි)

:       0       0

ගාමිණි Wednesday, 23 January 2013 05:48 PM

ඇපෑලේ පිටපතක් මහ රැජිණට යවන්න. සමහරවිට සළකා බලන්න පුලුවන්. (නි)

:       0       0

රජිත් Wednesday, 23 January 2013 12:53 PM

කවුද හරි? ගොඩක් දුරට හිතන්න වෙන කාරණයක්. (නි)

:       0       0

නිලංග Friday, 25 January 2013 08:46 AM

මා පෞද්ගලිකව මරණ දඬුවමට විරුදධයි. (නි)

:       0       0

ලලිත් - කටාර්. Wednesday, 23 January 2013 07:47 PM

කොහොමත් මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site