IMG-LOGO

මාජයේ ’ඔමික්‍රෝන්’ පැතිරීම ඇරඹිලා

ඕස්ට්‍රේලියා සමාජයෙන් 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අංශ ඊයේ (3) බිය පළ කළේය. ඉතා බිහිසුණු යැයි සැක කෙරෙන 'ඔමික්‍රෝන්' විකෘතිය ප්‍රභේදය සමාජගත වී ඇතැයි පැවැසෙන්නේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙනි.

'ඔමික්‍රෝන්' ආසාදිතයන් නව දෙනකු මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් හඳුනා ගෙන ඇත. ඔවුන්ගෙන් අට දෙනකු විදෙස් සංචාරවල නියැලුණු පුද්ගලයන්ය. කෙසේ නමුත්, 9 වැනියා කිසිදු විදෙස් සංචාරයකට සම්බන්ධ නොවුණු තරුණ පාසල් සිසුවකු බව මේ වනවිට තහවුරු වී තිබේ.

සිසුවාට 'ඔමික්‍රෝන්' ආසාදනය වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව පැවැසෙයි.

ඔස්ට්‍රේලියා සමාජයේ 'ඔමික්‍රෝන්' පැතිරෙනවා යැයි සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ මේ නිසාය.

ආසාදිත සිසුවා බටහිර සිඩ්නි නුවර 'රීජන්ට් පාර්ක්' පාසලේ අධ්‍යාපනය ලබයි. මේ වනවිට මුළු පාසලම වසා දමා ඇති අතර, ආසාදිත සිසුවා සහ ඔහුගේ පවුලේ අයත්, සිසුවාගේ පංතියේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් ද නිරෝධායනය කර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. 'ඔමික්‍රෝන්' ආසාදිත සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.

'ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදය හඳුනා ගත්තේ මීට සතියකට පෙරය. එම හඳුනා ගැනීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. වයිරස විකෘතිය තවත් වයිරස විකෘති 50 ක් පමණ මුසුවී නිර්මාණය වූවක් යැයි පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම විකෘතිය 'ඔමික්‍රෝන්' යන ග්‍රීක අක්ෂරයෙන් නම් කළේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය.

එම අවස්ථාවේදී ම ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පැවැසුවේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ඕස්ට්‍රේලියානුවන් දෙදෙනකු 'ඔමික්‍රෝන්' ආසාදිතයන් බව තහවුරු වූ බවය. ඕස්ට්‍රේලියාවෙන් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් පළමුවෙන් හමුවූයේ එලෙසිනි.

(රොයිටර්)



අදහස් (0)

මාජයේ ’ඔමික්‍රෝන්’ පැතිරීම ඇරඹිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site