
බෙලරූස් ජනාපධිති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ චීන ජනාපධිති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරකු ද වන ලුකෂෙන්කෝ, චීන සංචාරයට පැමිණෙමින් චීනය වර්ණනා කිරීමට ද අමතක නොකළේය.
චීනය දිනෙන් දින ලෝකයේ නැගී එන බලවතකු බවට පත් වෙන බවත්, චීනයේ වේගවත් වර්ධනය වැළැක්වීමට කිසිවකුටවත් හැකියාවක් නැති බවත් ලෝක අර්බුද විසඳීමේ දී චීනයේ මැදිහත් වීම අනිවාර්යයෙන් සිදු විය යුතු බවත් බෙලරූස් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින් චීනය කරුණු 12 ක සාම සැලැස්මක් සකස් කර තිබේ. එම සාම සැලැස්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ද ලබා දී ඇත. ජනාපධිති ලුකෂෙන්කෝ එම සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
බෙලරූසය යනු රුසියාවේ එක් අසල්වැසියෙකි. රුසියාව යුක්රේනය ආක්‍රමණයට හමුදා මෙහෙයවීම කළේ බෙලරූසය හරහාය. දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටින ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති පුටින්ගේ ‘රූකඩයක්’ ලෙස බටහිර රටවල් හඳුන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙලරූස් ජනපති චීන ජනපති හමුවෙයි