IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බැලූනයට ඇමෙරිකන් හමුදාව පහර දෙයි

ඇමෙරිකන් ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වී, ඔත්තු බැලූ, චීනයේ යැයි සැක කෙරෙන බැලූනය පහර දී විනාශ කළ බව ඇමෙරිකා රජය කියයි.

ඇමෙරිකන් හමුදාව, මිනිසුන් රහිතක මෙම බැලූනය විනාශ කළේ ඊට මිසයිලයක් එල්ල කරමිනි. බැලූනය විනාශ කරන්නැයි අණ දී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.

ඔත්තු බලන බැලූනයක්, උතුරු ඇමෙරිකාවට අයත් ගුවන් සීමාවට ඇතුළු වී ඔත්තු බලන බව ඇමෙරිකන් ආරක්ෂක තහවුරු කර ගත්තේ පසුගිය ජනවාරි 28 වැනිදාය. ඒ වනවිට බැලූනය මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළ අහසේ පාවෙමින් තිබුණි. මොන්ටැනා ප්‍රාන්තයේ හමුදා කඳවුරුවල ඇමෙරිකන් හමුදාවට අයත් න්‍යෂ්ටික මිසයිල, ප්‍රහාර සඳහා සූදානමින්, භූගතව රඳවා තිබේ.

ඇමෙරිකා හමුදාවට අයත් ගොඩනැගිලි සහ කඳවුරුවලට ඉහළින් යමින් බැලූනය ඔත්තු බැලූ බව මාධ්‍ය අනාවරණය කළේ පසුගිය 3 වැනිදාය. බැලූනය දුටු පළමු අවස්ථාවේ ඊට පහර දීම ගැටලුවක් වූයේ, එහි සුන්බුන් නගරවලට වැටී ජනතාවට අනතුරක් විය හැකි බැවිනි. ඇමෙරිකන් ආරක්ෂක අංශ බැලූනයට පහර දුන්නේ එය මුහුදු සීමාවට ඉහළින් පාවෙද්දීය.

‘බැලූනය ගැන අප ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවුණා. එය දුටු සැණින් අප ඒ බව ජනාධිපති ජෝ බයිඩන්ට දැනුම් දුන්නා. ජනාධිපතිවරයාගෙන් අපට අණ ලැබුණා බැලූනය පහර දී විනාශ කරන්න. අප එසේ කළා’ යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම්  ලොයිඩ් ඇස්ටින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බැලූනයට ඇමෙරිකන් හමුදාව පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23147 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site