IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බ‍්‍රසීල රජයේ නාස්තියට එරෙහි ජනතා විරෝධතා දරුණු වෙයි

රටේ ජනතාව ආර්ථික ආපහසුතාවලින් සහ විරැුකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය අනවශ්‍ය ලෙස වියහියදම් කරන බවට චෝදනා කරමින් බ‍්‍රසීල වැසියන් ආරම්භ කළ විරෝධතා දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ඊයේ (2) රියෝ දි ජිනැයිරෝ නුවර විරෝධතාකරුවන් සහ බ‍්‍රසීල පොලිසිය අතර පැවැති ගැටුම්වලින් 50 දෙනෙක් තුවාල ලැබූහ.

මේ වනවිට විරෝධතා මෙහෙයවන වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් සොයමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කරයිි.
බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ්, වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් හමුවී නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කරන බවට පොරොන්දු වී සිටියත්, හටගෙන ඇති විරෝධතාවල කිසිදු අඩුවක් දකින්න නොලැබෙයි.

බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැුල්ලක් ආරම්භ වූයේ දුෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැුසක් බ‍්‍රසීල ජනපතිනී රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.

ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාව පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ
දෝෂ දර්ශනයට හේතුවක් වී තිබේ.

රියෝ දි ජිනැයිරෝ අගනුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක ද විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමටද කැරැලි මර්දන පොලිසිය යොදවා ඇත.



අදහස් (0)

බ‍්‍රසීල රජයේ නාස්තියට එරෙහි ජනතා විරෝධතා දරුණු වෙයි

ජෝයි Wednesday, 03 July 2013 01:14 PM

ඔහේ ඔය තියන නියම ප්‍රශ්න යට ගහලා මිනිස්සුන්ගේ හිතේ තියන පන්ති වයිරේ කේන්තිය වැනි හැගීම් වෙනතකට හරවන්න ඕන කරන ජාතික වාදය වෙනුවෙන් පෙනී හිටින වග අඟවන වෙනත් සංවිදානයක් බිහි කරන්න. ලංකාවේ සේනාව වගේ.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 03 July 2013 05:06 PM

යකඩෝ! එහෙත් එහෙමද??? මෙහෙත් ඒකමනේ. අපේ රටින් ගිය කෙනෙක්වත්ද එහෙත් පාලනය කරන්නේ. මම මීට කලින් අහලා තියෙනවා සමාන්තර ලෝක තියෙනවා කියලා. නමුත් අද තමයි ඇහුවේ සමාන්තර රටවලුත් තියෙනවා කියලා. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 03 July 2013 01:43 PM

අපි පෙළපාලි යන්නේ හෝටල් වල තිබෙන බුදුපිළිම සම්බන්ධයෙන් , ගවයන්ගේ ඓතිවාසිකම් සම්බන්ධයෙන් , නමුත් අපේ සමාජ , ආර්ථික ප්‍රශ්නයන්ට හේතුවන අපේ රටේ දියුණුව අඩාල කරන හොරකම් කරන මැර දේශපාලකයන්ට විරුද්ධව පෙළපාලි යන්න කවුරුවත් නැහැ.(නදී)

:       0       0

ජීවන් Wednesday, 03 July 2013 11:03 AM

අන්න රටවල්.... අපේ තත්වෙම තමා එහෙත් තියෙන්නේ. (නි)

:       0       0

සේන Wednesday, 03 July 2013 11:05 AM

මේක දකින ලංකාවේ පාලකයන්ට කඩේ යමින් එම පාලන ක්‍රමය රැකීමට වැලි කන ඊනියා ජාතිකවාදී නාදය මෙසේ කියනවා ඇත. "මෙයාල ඇමරිකාවේ ජරාව කාලා"...... (නි)

:       0       0

රාණි Wednesday, 03 July 2013 11:06 AM

අන්න කොන්ද පන තියන මිනිස්සු.... (නි)

:       0       0

පද්මා Wednesday, 03 July 2013 11:06 AM

අපෙත් යනවා පෙළපාලි විදුලි බිලට සහය පල කරලා. හැබැයි ඇහුවම කියන්නේ අපි උතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site