IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බුරුවෝ මීනී මරති

ස්කූටරයකින්  හංගේරියාවේ  ගොවිපළක් වෙත යමින් සිට් 62 හැවිරිදි  පුද්ගලයකු ස්කූටරයෙන්  ඉවතට ඇද බිමට පෙරළා  ගෙන බුරුවන් දෙදෙනකු  විසින් දරුණු ලෙස  සපා කෑමෙන් මරණයට පත්ව තිබේ.

 සපා කෑම් වලින්  දරුණු තුවාල ලබා  මියගොස් සිටි  පුද්ගලයා දුටු  ගොවිපොළේ අයිතිකරු  පොලීසියට දන්වා සිටියේ  දඩ බල්ලන් විසින් ඔහු  සපා කා මරණයට පත් වී ඇති බවයි.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුයේ  බුරුවන් දෙදෙනකුගේ දරුණු  සපා කෑම් වලින් මෙහු මියගොස් ඇති බවයි.

බුරුවන් දෙදෙනා කේන්තියෙන් සිටින බව  ගොවිපොළ අයිතිකරුගේ  දියණිය අයිතිකරුට බවසා ඇතත් ඔහු ඊට පිළිතුරු  දී ඇත්තේ  බුරුවන් හොඳින් සිටිනා බවයි.

 දැන් පොලීසියේ නියෝග මත බුරුවන් කොටු කර රඳවා  තිබේ.

පශූ වෛද්‍යවරුන්  කියන්නේ  බුරුවන්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නොමැති  වුවත්  මෙය අසාමාන්‍ය සිදුවීමක් බවයි.



අදහස් (0)

බුරුවෝ මීනී මරති

තිලක් Wednesday, 22 May 2013 10:35 AM

බූරුවන්ට වුනත් ඉවසීමේ සීමාවක් තියෙනව නේ. මිනිස්සු බූරුවන්ටත් වඩා බූරු වැඩ කරනකොට උන්ගේ රතු ක‍ටු පනින්න ඇති. බූරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බූරුවො දෙන්නෙක්. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 09:26 PM

මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම. වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා බුරු වැඩ කරන්න එපා. මේ නම් මහා බුඋරුවෙක් කියන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක්. කෙසේ හෝ වේවා බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා!(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 09:26 PM

මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම.වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා..බුරු වැඩ කරන්න එපා.. මු නම් මහා බුඋරුවෙක් ..යන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක් ! කෙසේ හෝ වේවා! බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා !!! (අ)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 09:51 PM

ගාමිණීගේ කතාවට මටත් හිනා . බුරුවා බුරු වැඩක් කරලා උගේ තියෙන බුරුකමට (නි)

:       0       0

කුමාර් Wednesday, 22 May 2013 04:10 PM

මේ බූරුවෝ හැසිරිලා තියෙන්නේ අර අහවල් කාන්ඩේ වගේ නේද? (නි)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 10:36 PM

දැන් කාලේ වෙනස්, තාලේ වෙනස්. බූරුවෝ දැන් වස වෙලා ඉන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 226 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 422 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site