IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බි‍්‍රතාන්‍යයට අධික හිම පතනයක්: ගමනාගමන කටයුතුවලට බාධා

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ඇතුළු ප‍්‍රදේශ රැසකට පෙරේදා (4) සිට ඇදහැලෙන අධික හිම පතනය හේතුවෙන් ප‍්‍රධාන මාර්ග රැසක ගමනා ගමන මුළුමණින්ම ඇණහිට ඇති අතර ලොව වඩාත් කාර්යබහුල ගුවන් තොටුපොළක් ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොට ද වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඟල් 6 කට වැඩි හිම පතනයක් ලන්ඩන් නුවරින් වාර්තා වූ බවය. ප‍්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග රැුසක් හිමෙන් වැසී ගියේය. උමං දුම්රිය සහ මෝටර් රථවල සිරවී සිටි සියයකට වැඩි පිරිසක් ඊයේ (5) දිනය පුරාවට බේරා ගැනීමට ලන්ඩන් සහන සේවක කණ්ඩායම් සමත් වූ බව ද බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. හීත්‍රෝ ගුවන් තොටුපොළ බලධාරීන් කියා සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් කටයුතු මුළුමනින්ම පාහේ නවතා දැමීමට සිදුවී ඇති බවය. ගුවන් තොටුපොළ මගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට තමන් උපරිමයෙන් කටයුතු කරන බවත් ගුවන්තොටුපොළ බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ. හීත්‍රෝ් පමණක් නොව බි‍්‍රතානයයේ සෙසු ප‍්‍රධාන ගුවන් තොටුපොළ කටයුතුවලට ද අයහපත් කාලගුණය හරස් වී ඇතැයි වාර්තාවේ. හීත්‍රෝ ගුවන් තොටේ ගුවන් යානාවල රැඳුණු හිම තට්ටු ඉවත් කරමින්... අධික හිම පතනයෙන් ගමනා ගමන කටයුතුවලට බාධා...



අදහස් (0)

බි‍්‍රතාන්‍යයට අධික හිම පතනයක්: ගමනාගමන කටයුතුවලට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site