
ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය.
එම චෝදනා සම්බන්ධයෙන්, ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී, නඩු විභාගය පැවැත්විණි. ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම 54 හැවිරිදි හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, ව්‍යාපාරිකයකු සහ නීතීඥවරයකු ද වන හන්ටර් බයිඩන්ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතී. දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනි දින සිදුකිරීමට නියමිත බව පැවැසිණි.
ජූරි සභිකයන් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වුණු චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් නිසා, දඬුවම් නියම කිරීමේ දී ඒ් ගැන විශේෂ සැලකිල්ලක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, ඒ බව සඟවා, ගිනි අවියක් මිලදී ගැනීමේ සිද්ධියකට ද හන්ටර් බයිඩන් වරදකරු විය. ඇමෙරිකා ජනාධිපතිවරයකුගේ දරුවකු මේ අයුරින් අධිකරණයක් හමුවේ වරදකරු වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් පුතා වරදකරු වෙයි
රංජිත් Friday, 06 September 2024 08:13 PM
හයියෝ, බයිඩන්, අපේ ජනාධිපතිලගේ පුත්තු ඔය වගේ වැඩද කරේ..? ඒත් මයිලකටවත් අත තියන්න දුන්නේ නෑ.. ලංකාවෙන් ඉගෙන ගනිල්ලා...
Nandalal de Silva - France Saturday, 07 September 2024 12:02 AM
අපේ ජනාධිපති පුත්තු නම් කට අරින හැම විටකම කියන්නේ...."අපි අපෙ අප්පච්චී වගේම රටේ සම්පත් වලින් සත පහක්වත් හොරෙන් අරගෙන පිටරට බැංකුවල තැන්පත් කරලා නෑ" අපට පිටරට පොදි ගහපු වත්කම් නෑ !!! එහෙම නම් කොහොමද අප්පච්චි රටෙ ලොකුම ධනවතා වුයේ, දරුවන් පවා මිලියන් පතියන් වුණේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ආනුභාවයෙන්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි...!!!
sam Saturday, 07 September 2024 06:38 AM
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...
Nimal Saturday, 07 September 2024 08:10 AM
අපේ ජනපති පුත්තු හරියට හිරේ ගියා නම්, අවුරුදු 1000ක් වත් ඇතුළට දාන්න වෙයි...
Bunny Preena Saturday, 07 September 2024 09:43 AM
කොපිකළ හැකිය. සමකළ නොහැකිය.