IMG-LOGO

බයිඩන්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයා මරා දැමේ

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු නිලධාරීන්ට, අන්තර් ජාලය ඔස්සේ මරණ තර්ජන එල්ල කළ ක්‍රෙග් රොබට්සන් නමැත්තා එෆ්.බී.අයි. පරීක්ෂකයන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය.

ක්‍රෙග් රොබට්සන්, යූටා ජනපදයේ ප්‍රෝවෝ නමැති නගරයේ පදිංචිකරුවෙකි.

රොබට්සන්, අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් ඔහුගේ නිවස වැටලූ අවස්ථාවේදී, රොබට්සන් වෙඩි තැබීමට පටන්ගෙන තිබේ.

එහිදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් ද පෙරළා ඔහුට වෙඩි තබා ඇතැයි පැවැසෙයි.

ක්‍රෙග් රොබට්සන්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතවාදියෙකි.

මේ වනවිට ට්‍රම්ප්ට එරෙහිව නඩු විභාග පැවැත්වෙයි. ඒ, ඔහුට අපරාධ චෝදනා එල්ල වී ඇති බැවිනි.

නඩු විභාගයට සම්බන්ධ නීතීඥවරුන්ට ද රොබට්සන් මරණ තර්ජන එල්ල කර තිබුණු බව ද පැවැසෙයි.



අදහස් (0)

බයිඩන්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයා මරා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 340 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 207 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site