ලිබියාවේ බෙන්ගාසි නුවර ඊජිප්තු කොප්ටික් දේවස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (04) සිදුකළ වෙඩි තැබීම්වලින් කිතුනු පූජකයන් දෙදෙනකු ඇතුළු තවත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියාවේ සුළුතරයක් වන කිතුනුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම කුරිරු ප‍්‍රහාරය තමන් තරයේ හෙලා දකින බව ලිබියානු රජය නිවේදනය කරයි.
මීට පෙර ඉකුත් දෙසැම්බර් මාසයේදී ද මිස්රාටා නුවර කිතුනු පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එහිදී පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අරාබි වසන්තය නමැති ජනතා නැගී සිටීම හරහා ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් ඇතැම් කැරැලිකරුවන් එම ආයුධ බිම තැබීම ප‍්‍රතික්ෂේ කර ඇත. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ එවැනි කණ්ඩායම්ය. ඔවුන් වත්මන් ලිබියානු රජයට අභියෝගයක් වී ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බෙන්ගාසී නුවර කිතුනු දේවස්ථානයකට ප‍්‍රහාරයක්
සම්පත් Wednesday, 06 March 2013 10:40 AM
බලය වැඩි වූ විට වන්නේ මෙයයි. (නි)
napawala Wednesday, 06 March 2013 10:33 PM
මේ කැරලි කරුවන්ට ආයුද දුන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නේද. ත්‍රස්තවාදය බිහිකරන ඇමරිකාවට හොඳ පාඩමක්. (අ)