
බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ එළවලු වෙළඳපොළක ඇති වූ ගින්නකින් වෙළඳසැල් 115 ක් ගිනිගෙන විනාශ වී ඇතැයි බිහාර් බලධාරීහු පවසති.
ගින්නෙහි ප්‍රබලත්වය හේතුවෙන් කුඩා කාලයක් තුළ විශාල ප්‍රදේශයක ගින්න පැතිර ගිය බව බිහාර් බලධාරීන් පෙන්වා දී තිබේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ ගින්නෙන් ප්‍රදේශයේ ගිල ගැනීමෙන් පසු වෙළඳසැල්වල තිබූ ගෑස් සිලින්ඩර් කිහිපයක්ද පුපුරා ගිය බවය.
ගින්න සම්බන්ධයෙන් ගිනි නිවන හමුදාවට දන්වා තිබියදීත් ඔවුන් පැමිණීමට ප්‍රමාද වූ බව වෙළඳසැල් හිමියන් චෝදනා කර ඇත.
එම වෙළඳපොළේ තිබුණු වෙළඳසැල් 117 න් 115 ක් ගින්නෙන් විනාශ වී ඇති බව රාජු නම් වෙළඳසැල් හිමියකු ප්‍රකාශ කර තිබේ.එසේම ගින්නෙන් යතුරු පැදි 6 ක් ද විනාශ වී තිබේ.
ගින්න හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට තවමත් බිහාර් බලධාරීන් සමත්ව නැතැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2117
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුද්ධගයාවේ ගින්නක්