IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බඩේ ලෙඩේ වැඩිවෙලා බ්‍රසීල ජනපති රෝහලේ

උදරයේ ආබාධ තත්ත්වය යළි මතුවීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළි රෝහල්ගත කළ බවත්, ඔහුට යළිත් වරක් සැත්කමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.

බොල්සරානෝ ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. මැතිවරණ රැලියකට සහභාගී වෙමින් ජනතාව අතරට ගිය අවස්ථාවේදී, ඔහුට එදිරිවාදියකුගෙන් පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයෙන් උදරයට දරුණු තුවාල සිදුවීම හේතුවෙන් මහබඩවැලේ කොටසක් ඉවත් කිරීමට ද වෛද්‍යවරු කටයුතු කළහ. 2018 ජනාධිපතිවරණයෙන් ජය ලබද්දී, බොල්සරානෝ සිටියේ ද රෝහලේය.

එම සිදුවීමෙන් පසු විටින් විට උදරය අශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් 66 හැවිරිදි බොල්සරානෝ පීඩා විදී. පසුගිය 2021 වසරේ අවස්ථා කීපයකදී ද බොල්සරානෝ රෝහල්ගත කර සැත්කම්වලට ලක් කෙරුණි. වෛද්‍යවරුන් පැවැසුවේ යළිත් වරක් ජනාධිපතිවරයාට සැත්කමක් කිරීමට සිදුවනු ඇති බවත්, දින කීපයක් ඔහුට රෝහල්ගතවී සිටීමට සිදුවනු ඇති බවත්ය. ජනාධිපතිවරයා ඇතුළත් කෙරුණේ සාඕ පාවුලෝ නුවර විලා නෝවා රෝහලටය.

(රොයිටර්)



අදහස් (0)

බඩේ ලෙඩේ වැඩිවෙලා බ්‍රසීල ජනපති රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site