IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බටහිර රටවල් පැනැවූ සම්බාධකවලින් වැඩක් නෑ

යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ටත්, රුසියානු රජයටත් පනවා ඇති සම්බාධකවලින් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

‘බටහිර බලවතුන් අපට සම්බාධක පැනැවූයේ ආර්ථිකමය වශයෙන් අප අඩපණ කරන්නයි. ඒත් ආර්ථිකමය වශයෙන් අප අඩපණ වුණේ නැහැ.’ යැයි රුසියන් ජනාධිපති පුටින් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ රජයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුවය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට උත්සාහ කළ බැවිනි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වූ අතර රුසියාවට, රුසියන් ජනාධිපති පුටින්ට, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සම්බාධක පැනැවීම ඒ අනුව සිදුවිය.

(රොයිටර්)



අදහස් (0)

බටහිර රටවල් පැනැවූ සම්බාධකවලින් වැඩක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site