IMG-LOGO

බෙංගලූර් පාසල් බෝම්බ බියකින් කැලඹෙයි

ඉන්දියාවේ බෙංගලූර් නුවර, පාසල් 13 ක් බෝම්බ බියකින් කැලැඹිණි.

පාසල් පරිශ්‍රය තුළ බෝම්බ ඇතැයි, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ උදෑසන පාසල් ආරම්භ වීමෙන් පසු ඊමේල් පණිවුඩ මගිනි.

පාසල් බලධාරීන්, කලබලයටත් බියටත් පත් වී, පාසල් හිස් කිරීම පටන්ගෙන තිබේ. ඒ, එම ඊ මේල් පණිවුඩ ගැන පොලිසියට දැනුම් දෙමිනි.

සිද්ධිය සැලවීමත් සමඟ කලබලයට පත් මාපියෝ පාසල් ඉදිරියේ කලහ කරන්න වූහ.

පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කළ බවත්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් පැමිණ පාසල් සියල්ල හොඳින් සෝදිසි කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් බෝම්බ හෝ පුපුරන ද්‍රව්‍ය හෝ හමුවී තිබුණේ නැත. අනතුරු අඟවමින් ලැබුණු ඊ මේල් පණිවුඩ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බෙංගලූර් පාසල් බෝම්බ බියකින් කැලඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site