IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ

බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය කඩිනමින් අවසන් නොවුණොත්, එයින් අවාසි අත්වන්නේ බංග්ලාදේශයට යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින අර්බුදයෙන් කලාපීය බලවතා වන ඉන්දියාවට බලපෑමක් නොවන බවත්, වැඩි බලපෑම අත්වන්න් බංග්ලාදේශයට බවත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

විශ්ව විද්‍යාල සිසුන් මැදිහත් වී කළ අරගලයෙන් ධුරයෙන් නෙරපා දැමුණු අගමැතිනී ෂෙයින් හසීනා දැඩි ඉන්දීය හිතවාදියෙකි. බංග්ලාදේශයෙන් පලාගිය ඇය මේ වනවිට රැඳී සිටින්නේ ද ඉන්දියාවේය. ෂෙයික් හසීනා සහ ඇගේ රජය ඉන්දියාවට ගැති වී කටයුතු කළ බවට බංග්ලාදේශ වැසියන්ගෙන් චෝදනා එල්ල වී ඇත. හසීනාගේ රජය පෙරළා දැමීමට එක් හේතුවක් වූයේ ද මෙම චෝදනාවය.

බංග්ලාදේශ අන්තර්වාර රජය මේ වනවිට අර්බුද රැසකට මුහුණ දෙයි. ඉන්ධන සහ බලශක්ති අර්බුදය එයින් කැපී පෙනෙයි. බංග්ලාදේශ ඇගලුම් කර්මාන්තය සම්බ්න්ධයෙන් ද අර්බුදයක් පවතී. මෙම අර්බුද සියල්ල විසඳා ගැනීමට නම්, ඉන්දියාව සමඟ තුලනාත්මක සබඳතා තිබිය යුතු බව ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site