IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බැග්ඩෑඞ් අගනුවර බෝම්බ පිපිරී 56 ක් මරුට : 220 කට තුවාල

ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කර දස වසරක් ගෙවෙන අවස්ථාව සනිටුහන් වූ පෙරේදා(19) සැඳෑ කාලයේදී බැග්ඩෑඞ් නගරයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 56 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 220කි.
බැග්ඩෑඞ් නුවර ස්ථාන කිහිපයකදී බෝම්බ පිපිරීම් 20ක් පමණ වාර්තා වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මාස හයක කාලයක් තුළ එල්ල වූ ප‍්‍රබලම ප‍්‍රහාර වැල මෙයැයි සැලකේ.
මෙම ප‍්‍රහාරයත් සමඟ ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසුව මියගිය සිවිල් වැසියන් ගණන 1,12,000 දක්වා ඉහළ ගිය බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප‍්‍රදේශවලදී මෙම බෝම්බ පුපුරා ගොස් ඇත. එහිදී කාර් බෝම්බ 15ක් සහ මරාගෙන මැරෙන ප‍්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි බැග්ඩෑඞ් පොලිසිය පවසයි. අල් කයිඩා සංවිධානය ප‍්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.  
එළඹෙන අපේ‍්‍රල් 20 වැනිදා ඉරාක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉරාකයේ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 3කට පසුවය. මීට පෙර අවස්ථා ගණනාවකදීම එරට රජය මැතිවරණ පැවැත් වීමට උත්සාහ ගත්තද ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලූ නිසා එම මැතිවරණ කල් දැමිණ.



අදහස් (0)

බැග්ඩෑඞ් අගනුවර බෝම්බ පිපිරී 56 ක් මරුට : 220 කට තුවාල

මාලක Friday, 22 March 2013 02:48 PM

සදාම් හුසේන් කියන්නේ ඒකාධිපතියෙක්. ඉරනය, කුවේටය වගේ මැද පෙරදිග යුද්ද ගනනාවක් කරපු තමන්ගේ රටේ තමන්ට විරුද්දව ජනයාව රසායනික බෝම්බ දාලා මරපු කෙනෙක්. ඒ රටේ ගොඩක් සරනාගතයෝ අපේ වගේ ඇමරිකාවට ගිහින් උදව් ඉල්ලුවා. උදව් කළා එච්චරයි.(නදී)

:       0       0

ලාල් Thursday, 21 March 2013 06:35 PM

හොද ප්‍රවෘත්තියක්.(නදී)

:       0       0

පාල Friday, 22 March 2013 02:43 PM

අෂාන්, එහේ යුද්ද වෙන්නේ අල්ලා දෙයියන්ගේ කැමැත්තට. මෙහෙ වෙන්නේ කරුමෙට.(නදී)

:       0       0

අශාන් Friday, 22 March 2013 08:33 AM

අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත මත සිදුවූ දෙයක්. :) (නි)

:       0       0

සකී Friday, 22 March 2013 02:43 PM

මැවුම් වාදය වේවා කර්ම වාදය වේවා යුද්ධය හොඳ දෙයක් නෙමෙයි (ස)

:       0       0

සේන Friday, 22 March 2013 02:50 PM

එහෙ යුද්ද වෙන්නේ දේව කැමත්තට නම් මෙහෙ වෙන්නේ කරුමෙටද? (නදී)

:       0       0

purawesiya Thursday, 21 March 2013 06:40 PM

දෙවියන් ගෙ කැමැත්ත.(නදී)

:       0       0

ගාමිණී Thursday, 21 March 2013 03:03 PM

ඇමරිකාව සුරකින මාකව හිමිකම් වැඩද මේ. කැතයි.(නදී)

:       0       0

ශාන්ත Friday, 22 March 2013 12:35 PM

අපිටත් තිබුනා මේ වගේ අමිහිරි මතකයක් (දී)

:       0       0

මාලක Thursday, 21 March 2013 09:47 AM

අයියෝ කනගාටු දායක පුවතක් (දී)

:       0       0

ජෝයි ඩයස් Friday, 22 March 2013 05:47 AM

112000 සිවිල් වෑසියන් ඈමරිකානු මෑදිහත් වීමෙන් ඝාතනය වීම සුලුපටු දෙයක්ද? අල්කයිඩා සංවිධානය සමග හොදම සම්භණ්ධයක් ගොඩනගාගෙන සිටි කොටි සංවිධානය ඊටවඩා බලවත් සංවිධානයකි.එය සමූල ඝාතනය කිරීමත්.3 ලක්ෂයක ප්‍රාණ ඈපකරුවන් මුදා ගෑනිමට අප ශ්‍රී ලංකාවට මානව හිමිකම් කොමිසම ඉදියට ගෙනා යෝජනාව සාධාරණද?තමිල් නාඩු ප්‍රාන්තය පකිස්තානය වගේ ඉන්දියාවෙන් වෙන්කිරීමට කරන සෑලසුමට නිදහස් අපේ රට ගාවගන්න එපා.අපේ රටේ උතුරු මුහුදේ තිබෙන තෙල් ටිකට කෙල හලන්නත් එපා.එහෙයියෙක් නොවන චාවිස්ලා වගෙ පිටකොන්දක් තිබෙන ජනපතිවරයෙක් අපේ රටේ ඉන්න නිසාද අපේ රටට තර්ජනය කරන්න යෝජනාවල් ගේන්නේ.ලෝකෙ සාධාරණයට හිස නමන අනෙක් රටවල් එකතුවී මානව හිමිකම් කඩන 112000 කියන්නේ සුලුපටු ගානක්ද? එවටත් විරුද්දව ක්‍රීයා කල යුතු කාලය එලබ ඈත. අපට දුක අසල්වෑසි ඉන්දියාව චන්ද වාසියට කඩේ යාමයි. මේ සේරටම හෙනේ අපේ රටෙ සෑගවුන සම්පත් ටිකයි.මේවිදියට සාමයට අතවනන ඈමරිකාව බෑහපු හෑම රටකටම මොකද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site