
බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය කඩිනමින් අවසන් නොවුණොත්, එයින් අවාසි අත්වන්නේ බංග්ලාදේශයට යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින අර්බුදයෙන් කලාපීය බලවතා වන ඉන්දියාවට බලපෑමක් නොවන බවත්, වැඩි බලපෑම අත්වන්න් බංග්ලාදේශයට බවත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
විශ්ව විද්‍යාල සිසුන් මැදිහත් වී කළ අරගලයෙන් ධුරයෙන් නෙරපා දැමුණු අගමැතිනී ෂෙයින් හසීනා දැඩි ඉන්දීය හිතවාදියෙකි. බංග්ලාදේශයෙන් පලාගිය ඇය මේ වනවිට රැඳී සිටින්නේ ද ඉන්දියාවේය. ෂෙයික් හසීනා සහ ඇගේ රජය ඉන්දියාවට ගැති වී කටයුතු කළ බවට බංග්ලාදේශ වැසියන්ගෙන් චෝදනා එල්ල වී ඇත. හසීනාගේ රජය පෙරළා දැමීමට එක් හේතුවක් වූයේ ද මෙම චෝදනාවය.
බංග්ලාදේශ අන්තර්වාර රජය මේ වනවිට අර්බුද රැසකට මුහුණ දෙයි. ඉන්ධන සහ බලශක්ති අර්බුදය එයින් කැපී පෙනෙයි. බංග්ලාදේශ ඇගලුම් කර්මාන්තය සම්බ්න්ධයෙන් ද අර්බුදයක් පවතී. මෙම අර්බුද සියල්ල විසඳා ගැනීමට නම්, ඉන්දියාව සමඟ තුලනාත්මක සබඳතා තිබිය යුතු බව ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ