‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ දෙස් විදෙස් ගුවන් ගමන් සතියක කාලයක් සඳහා නවතා දැමීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

ඒ අනුව අනිද්දා (14) දිනයේ සිට සියලුම ගුවන් ගමන් නවතා දැමෙනු ඇත.

බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අනිද්දා (14) සිට ලබන 20 වැනිදා තෙක් බංග්ලාදේශයෙන් පිටත්වන සහ බංග්ලාදේශයට පැමිණෙන සියලු ගුවන් ගමන් නවතා දැමෙන බවය.

ගුවන් ගමන් 500 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වන බව ද බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

ඩකාහිදීය (ඒ.එෆ්.පී.)