IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතකයකු යැයි තමන් සිතන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කීවේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති විවේචනය කරමින් අදහස් පළ කළේ ඒ.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස්ය.

රුසියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වීය. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ට වස දීම සහ පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස් ජනපති බයිඩන්ගෙන් අදහස් විමසීමක් කළේය. 'පුටින් ඝාතකයකු කියා ඔබ හිතනවාද?' යැයි මාධ්‍යවේදී ස්ටෙපනොපලිස් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනපති බයිඩන් කියා සිටියේ, 'ඔව්, මා එහෙම හිතනවා' යනුවෙනි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2020 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත‍ රුසියානු ඒජන්තවරුන් එම ජනාධිපතිවරණයට ද 'ඇඟිලි ගැසීම්' කළ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ෙරුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත, රුසියන් ඒජන්තවරුන් ඇමෙරිකාවේ මැතිවරණ කටයුතුවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වී, ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කළේ යැයි එම ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණයට 'ඇඟිලි ගැසීම්' කළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවීමට සිදුවන බවත් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. ඉදිරියේ දී රුසියාවට තව තවත් සම්බාධක පැනැවීමට පියවර ගන්නා බව ද පැවැසුවේය.

මේ අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පවසා ඇත්තේ ඇමෙරිකන් බුද්ධි අංශ එල්ල කරන චෝදනා පදනම් විරහිත චෝදනා බවය.

(රොයිටර්)

 



අදහස් (0)

පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site