
අතිශය ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපට මාලාවේ, ප්‍රොෆෙසර් ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතය ද ඇතුළු චිත්‍රපට රැසක සදා අමරණීය චරිත රැසක් නිරූපණය කළ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 82 කි.
පසුගිය දිනවල ගැම්බොන් නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණි. ඔහු රෝහලේදී අවසන් සුසුම් හෙළු බව පැවැසෙයි. දශක 6 ක් තිස්සේ සිනමා නළුවකු පමණක් නොව රූපවාහිනී ටෙලි නළුවකු ලෙස ද ගැම්බොන් කටයුතු කර ඇත. ඔහු බැෆ්ටා සම්මාන 4 ක් දිනා තිබේ.
හැරී පොටර් චිත්‍රපට අටක් නිර්මාණය වී ඇති අතර, ඒවායින් 6 ක ප්‍රොෆෙසර් ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙව්වේ ශ්‍රීමත් මයිකල් ගැම්බොන් ය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd