ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව තමන් වුවත් අවසන් තැනැත්තිය තමන් නොවන බව කමලා හැරිස් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදීය පැවැසුවාය.
පනස් හය හැවිරිදි වියේ පසුවන කමලා හැරිස් ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරට සිය පාක්ෂිකයන් අමතමින් ඊයේ (8) එම කරුණු පැවැසූ අතර ඇයගේ කතාවට ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ තැනක් ද හිමි ව තිබිණි.
‘‘මේ තනතුරට පත් වූ පළමු කාන්තාව මම වෙන්න පුළුවන්. එහෙත් අවසන් තැනැත්තිය මම නෙමෙයි. අද මේ සියල්ල බලා සිටින පුංචි ගැහැනු දරුවකු මේ රටේ ඕනෑම දෙයකට ඉඩ තිබෙන බව දකිනවා’’ යැයි කමලා හැරිස් කීවාය.
කමලා හැරිස් සිය කතාව කරන අතරවාරයේදී එහි රැස්ව සිටින කාන්තාවන් සහ තරුණියන් කඳුළු හෙළු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
සිය කතාවේදී කාන්තාවන්ට පූර්ණ ගෞරවය දුන් කමලා හැරිස් තම ජයග්‍රහණයට මාර්ගය සකස් කළේ කාන්තාවන් යැයි ද කීවාය. කමලා හැරිස් ඇමෙරිකාවට පැමිණි ජැමෙයිකානු සහ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දියණියකි.
සුදු ඇඳුමින් සැරැසී සිටි කමලා හැරිස් සිය කතාවේදී ඇමෙරිකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය දිනා දුන් සියලු දෙනා ද සිහිපත් කළාය.
‘‘අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මහන්සි වෙන්න වෙනවා. ඒක අරගලයක්. ඒ සඳහා කැපකිරීම් කරන්න අවශ්‍යයි. එහෙත් එහි විනෝදයක් ද තිබෙනවා. ඒ වගේම ප්‍රගතියක් තිබෙනවා. මොකද අපේ අනාගතය යහපත් කරන්න අපට බලය තිබෙනවා’’ යැයි කමලා හැරිස් කීවාය.
කමලා හැරිස් ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම තැනකට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
රොයිටර්ස්/ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පළමු වැන්නී මා වුවත් අවසානය මෙය නොවේ