IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පැහැරගත් දැරියෝ 50 ක් බේරිලා ඇවිල්ලා

මධ්‍යම නයිජීරියාවේ ක්‍රිස්තියානි පාසලකට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීහු, පාසල් දැරියන් 303 දෙනකු සහ ගුරුවරුන් 12 දෙනකු පැහැරගෙන ගියහ. 

මෙම පැහැර ගැනීම සිදුවූයේ පසුගිය සිකුරාදා (21) දිනයේය. පැහැර ගැනීමට ලක්වුණු දැරියන්ගෙන් 50 දෙනකු ඊයේ (23) ත්‍රස්තවාදීන්ගෙන් බේරී පලා ආ බව ආරක්ෂක අංශ පවසයි. පැහැර ගැනීමට සම්බන්ධ වූයේ බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් යැයි නයිජීරියා ආරක්ෂක අංශ පවසයි.

ත්‍රස්තවාදීන් කඩා වැදී පැහැර ගැනීම් කළේ නයිජීරියාවේ නයිගර් පළාතේ ක්‍රිස්තියානි පාසලකට කඩා වදිමිනි. කැබ් රථවලින් සහ ට්‍රක් රථවලින් පැමිණි ත්‍රස්තයන් ද්වතීක පාසල් භූමියට කඩා වැදුණේ වෙඩි තැබීම් කරමිනි.

නයිජීරියාවේ පාසල් දැරියන් පැහැර ගැනීම් මීට පෙර ද සිදුවී ඇත. කෙසේ නමුත් පාසල් දැරියන් වැඩිම සංඛ්‍යාවක් පැහැර ගැනීමට ලක්වුණු පළමු අවස්ථාව මෙයයි.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුවට නයිජීරියා ජනාධිපති බෝලා අහ්මද් ටිනුබු සහභාගී වීමට නියමිතව සිටි නමුත්, දැරියන් පැහැර ගැනීමේ සිද්ධිය හේතුවෙන්, ජනාධිපති බෝලා අහ්මද් ටිනුබු ‘ජී20’ සමුළුවට සහභාගී වූයේ නැත.

නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී මුළුනුපුටා දැමීම කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. මේ වනවිටත් ඇමෙරිකා රජය, නයිජීරියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන අතර, එම ප්‍රහාර වේගවත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පවසා ඇත.



අදහස් (0)

පැහැරගත් දැරියෝ 50 ක් බේරිලා ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 161 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site