IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පලස්තීනය රටක් විදියට පිළිගන්නවා - ඕස්ට්‍රේලියාව

ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි අවධාරණය කරමින්, පලස්තීන පාලනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව එරට විදේශ ඇමැතිනිය බෙනී වොංග් පවසා ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම කනස්සල්ල පළ කර ඇත. පසුගිය දා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් අතරේ ඕස්ට්‍රේලියා කාන්තාවක ද සිටී. ඇගේ මරණයේ වගකීම ඊශ්‍රායල රජය බාරගත යුතු යැයි ද ඕස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත.

ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි ඕස්ට්‍රේලියාවේ මතය වුවත්, ගාසා තීරයේ පාලනය හමාස් සංවිධානය යටතේ පැවැතීම සහ ද්වී රාජ්‍ය විසඳුමට හමාස් සංවිධානය සම්බන්ධ වීම පිළිබඳ තමන්ගේ පැහැදීමක් නොමැති බව ද ඕස්ට්‍රේලියා රජය වෙනුවෙන් විදේශ ඇමැතිනිය බෙනී වොංග් අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පලස්තීනය රටක් විදියට පිළිගන්නවා - ඕස්ට්‍රේලියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site