IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවය.

ඩුටරේස් පිලිපීනයේ ජනාධිපති ධුරය හොබවද්දී එරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව යුද ප්‍රකාශ කළේ හමුදාව යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දළදඬු ක්‍රියාමාර්ග අනුගමනය කරමිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට උපදෙස් දුන්නේය.

2016 සිට 2022 දක්වා කාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මැඩලීමට ගත් උත්සාහයේදී ‘මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ’ සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වුණු අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය එම චෝදනා සම්බන්ධයෙන්, ඩුටරේස්, අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේය. 

ඩුටරේස්, පසුගිය දිනෙක කියා සිටියේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ එම වරෙන්තුවට තමන් හිස නමන බවත්, තමන් අත්අඩංගුවට පත් වීමට කැමැත්ත පළ කරන බවත්ය. ඒ අනුව, මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී හිටපු ජනාධිපති ඩුටරේස් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට

ගුණරත්න Thursday, 13 March 2025 11:15 AM

පිලිපීනයේ ඩුටරේස්, සැල්වදෝරයේ බුකෙල් කියන්නේ හොඳ ජනාධිපතිවරු. එහෙම කියන්නේ අපරාධකරුවන්ට රජ කරන්න නොදී ඔවුන් විනාශ කරලා දමන ඕනේම මනුස්සයෙක් කරන්නේ සමාජයට යහපතක්... පින් පවු බලලා සමාජය ආරක්ෂා කරන්න බැහැ. හොඳ රජවරු කියන්නේ තද දැඩි පාලකයින්ට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site