
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවය.
ඩුටරේස් පිලිපීනයේ ජනාධිපති ධුරය හොබවද්දී එරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව යුද ප්‍රකාශ කළේ හමුදාව යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දළදඬු ක්‍රියාමාර්ග අනුගමනය කරමිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට උපදෙස් දුන්නේය.
2016 සිට 2022 දක්වා කාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මැඩලීමට ගත් උත්සාහයේදී ‘මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ’ සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වුණු අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය එම චෝදනා සම්බන්ධයෙන්, ඩුටරේස්, අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේය.
ඩුටරේස්, පසුගිය දිනෙක කියා සිටියේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ එම වරෙන්තුවට තමන් හිස නමන බවත්, තමන් අත්අඩංගුවට පත් වීමට කැමැත්ත පළ කරන බවත්ය. ඒ අනුව, මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී හිටපු ජනාධිපති ඩුටරේස් අත්අඩංගුවට ගැනීම සිදුවිය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීනයේ ඩුටරේස්, සැල්වදෝරයේ බුකෙල් කියන්නේ හොඳ ජනාධිපතිවරු. එහෙම කියන්නේ අපරාධකරුවන්ට රජ කරන්න නොදී ඔවුන් විනාශ කරලා දමන ඕනේම මනුස්සයෙක් කරන්නේ සමාජයට යහපතක්... පින් පවු බලලා සමාජය ආරක්ෂා කරන්න බැහැ. හොඳ රජවරු කියන්නේ තද දැඩි පාලකයින්ට...