පිලිපීන රජය මේ සතියේදී දකුණු මින්ඩනාවෝ දුපතේ ස්වාධීන රාජ්‍යයක් සඳහා වසර හතළිහක කාලයක් සටන් කළ මොරෝ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ පිටු 13 කින් යුත් සාම ගිවිසුමක් අත්සන් කළේය. මැලේසියාවේ මැදිහත්වීමෙන් වසර 16 ක් තිස්සේ පැවති සාම සාකච්ඡා අවස්ථා කීපයකදීම බිඳ වැටීමට ආසන්න තත්ත්වයකට පත් වුවද අවසානයේ පිලිපීන රජය හා මොරෝ ඉස්ලාමීය විමුක්ති පෙරමුණ සමඟ ඇතිකර ගත් ගිවිසුම නිසා බංග්සාමොරෝ නමින් ස්වයං පාලන ප‍්‍රදේශයක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙන අතර කැරලි හමුදාව සම්පූර්ණයෙන්ම විසුරුවා හැර ඔවුන් සාමාන්‍ය ජන ජීවිතයට එක්වනු ඇත. පිලිපීනයේ අගනුවර වන මැනිලා හි ජනාධිපති මාලිගයේ පැවති සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගි වූ මැලේසියාවේ අගමැති නජීබ් රසාක් මෙම ගිවිසුම තුළින් සුළුජන කොටස්වල අයිතීන් සුරක්ෂිතව පිලිපීනයේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇතැයි පැවසුවේය. මොරෝ ඉස්ලාමීය සටන්කරුවන්, සටන් අතහැර සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළුවීම සංකේතවත් කරමින් සටන්කරුවන් 200 ක පිරිසක් කැලෑ ඇඳුම් වෙනුවට සාමාන්‍ය ඇඳුමෙන් සැරසී එම අවස්ථාවට එක්වීම විශේෂ ලක්ෂණයකි. කතෝලික බහුතරයක් වන පිලිපීනයේ ජාතික ස්වාධීනත්වය සඳහා සටන් කළ මොරෝ ඉස්ලාමීය සටන්කරුවන් හා රජය සමඟ ඇතිකරගත් එකම සාම ගිවිසුම මෙය නොවේ. මීට පෙර ලිබියාවේ ගඩාෆිගේ මැදිහත්වීමෙන් ආරම්භ වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් 1996 දී මොරෝ ජාතික විමුක්ති පෙරමුණ සමඟ සාම ගිවිසුමක් අත්සන් කළද ඉන් සැබෑවටම සාමය උදා වූයේ නැත. මොරෝ ඉස්ලාමීය විමුක්ති පෙරමුණ එම සාම ගිවිසුම ප‍්‍රතික්ෂේප කොට ”සැබෑවටම” ජාතික ස්වාධීනත්වය දිනා ගැනීමට දිගටම සටන් කිරීමට තීරණය කළේය. ඉස්ලාමීය සටන්කරුවන් බොහෝ දෙනක් මොරෝ ඉස්ලාමීය විමුක්ති පෙරමුණට එක්ව සටන් කළ නිසා මොරෝ ජාතික විමුක්ති පෙරමුණට සාර්ථකව ස්වයං පාලනයක් පවත්වා ගැනීමට නොහැකි විය. ඊට අමතරව එම පාලනයේ අකාර්යක්ෂමතාවය නිසා ජන ජීවිතය නගා සිටුවීමට කිසිදු පියවරක් ගත්තේ නැත. එම පෙරමුණේ උසස් නිලධාරීන්ට එරෙහිව දුෂණ හා වංචා චෝදනාද එල්ල වී තිබිණ. මුස්ලිම් කැරලිකාරිත්වයේ අඩුවීමක් නොතිබූ නිසා මැනිලා රජයට නැවත වරක් හමුදා මෙහෙයුම් කිරීමට සිදුවිය. මේ අතරතුර මොරෝ කැරලිකාරිත්වය අල්කයිඩා වැනි අන්තවාදීන්ගේ ග‍්‍රහණයට පත්වීමේ අනතුර වටහා ගත් මැලේසියාව සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීමට මැදිහත්කරුවෙකු වීමට ඉදිරිපත් විය. මොරෝ ජාතික විමුක්ති පෙරමුණ හා සාම ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟම ඇරැඹුණ මෙම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනකු තුළ විශ්වාසයක් තිබුණේද නැත. ඊට අමතරව නීතිමය බාධකද ඉදිරිපත් විය. දීර්ඝ සාකච්ඡාවට කීපයකින් පසුව 2008 දී සාම ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් කළ නමුත් එම ගිවිසුම ව්‍යවස්ථා විරෝධී යැයි පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ එය බිඳ වැටිණ. ඉන් මොරෝ ඉස්ලාමීය සටන්කරුවන් තුළ සාමකාමී විසඳුමකට ඇති බලාපොරොත්තුද බිඳ වැටිණ. එහෙත් සටන් තුළින්ම විසඳුමක් ලබාගත නොහැකි බව තහවුරු වීමත් ජාත්‍යන්තර වශයෙන් වූ බලපෑමත් නිසා පිලිපීන රජය සාකච්ඡා ක‍්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අත හැරියේද නැත. මෙම සතියේ පිලිපීන රජය හා මොරෝ ඉස්ලාමීය පෙරමුණ අතර ඇති කරගත් සාම ගිවිසුම අනුව 1996 දී මොරෝ ජාතික පෙරමුණ සමඟ අත්සන් කළ ගිවිසුම යටතේ දකුණු දිග මින්ඩනාවෝ හි පරිපාලන දිස්ත‍්‍රික්ක පහක් ඇතුළත් වන සේ පිහිටුවන ලද පරිපාලන ඒකකය විසුරුවා හැරේ. ඒ වෙනුවට ස්ථාපනය කරන බංග්සාමොරෝ පරිපාලන ඒකකය තාවකාලික කොමිසමකි. එහි සාමාජික සංඛ්‍යාව 15 කට සීමාවන අතර ඔවුන්ට එම ප‍්‍රදේශයේ පරිපාලනය පිළිබඳ පූර්ණ බලතල පැවරේ. එහි මූලික වගකීමක් වන්නේ 2000 ක් පමණ වන සටන්කරුවන් නිරායුධ කොට ප‍්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් තහවුරු කිරීමය. ඒ සඳහා අවශ්‍ය කෙරෙන සම්පත් ලබා දීම මැනිලා රජයේ වගකීමකි. කෙසේ වුවත් මෙය සාම ගිවිසුමක් පමණක් වන නිසා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවල ඇති කළ යුතු ස්වයංපාලනය පිළිබඳ විස්තරාත්මක කරුණු ලබන මස මැලේසියාවේදී නැවත ඇරැඹෙන සාකච්ඡාවලින් තීරණය කරගත යුතුය. පිලිපීන ජනාධිපති බෙනිග්නෝ ඇක්විනෝ III සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයේදී සඳහන් කළ ආකාරයට දුෂ්කරම කාර්යය එයයි. මොරෝ ප‍්‍රදේශයට ලබාදෙන ස්වයං පාලනයේ ස්වභාවය ආරක්ෂා හා මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම් වැනි සංකීර්ණ ගැටලූ ගණනාවක් ගැන එකඟතා ඇති කරගත යුතුය. එය පහසු කටයුත්තක් නොවන නමුත් මෙම දෙපාර්ශ්වයම සාකච්ඡා මාර්ගයෙන් බැහැර වනු ඇතැයි කිව නොහැකිය. අනෙක් අතට සාම ගිවිසුමට මොරෝ ප‍්‍රදේශයෙන්ම එල්ල විය හැකි අනතුරුද වැදගත් සාධකයකි. මොරෝ ඉස්ලාමීය විමුක්ති පෙරමුණේ නායකයෙක් වූ අමපිල් උම්බ‍්‍රා කටෝ මෙම ගිවිසුම වංචාවක් ලෙස හඳුන්වා දිගටම සටන් කරන බව ප‍්‍රකාශ කළේය. ඊට අමතරව තවත් සටන්කාමියෙක් වන අබු සයියාෂ් ගේ කණ්ඩායමද මෙම ගිවිසුම පිළිගන්නේ නැත. මෙම කණ්ඩායම් දෙකටම සන්නද්ධ බලයක් පවතින නිසා සාමය අඩාල කිරීමට කටයුතු කළ හැකිය. එහෙත් මොරෝ ඉස්ලාමීය විමුක්ති පෙරමුණට කලින් පැවති මොරෝ ජාතික විමුක්ති පෙරමුණේ පාලනය මෙන් නොව සැබෑවටම ජනතාවාදී පාලනයක් ගෙන යෑමට හැකි වුවහොත් ඒවා අභියෝග වන්නේ නැත. එමෙන්ම මැනිලා පාලනයද මෙතෙක් අමතක කර දමා තිබුණ මොරෝ ප‍්‍රදේශය සංවර්ධනය කිරීම තම ප‍්‍රමුඛතාවයක් ලෙස හඳුනාගැනීමද සාම ගිවිසුමේ සාර්ථකත්වයට ප‍්‍රබල හේතුවක් වනු ඇත.
2025 ඔක්තෝබර් මස 08
1790
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1470
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
523
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිලිපීනය මොරෝ සටන්කාමීන් සමඟ සාම ගිවිසුමකට?
ප්‍රවීන් Monday, 22 October 2012 01:27 AM
මෝරෙක් එක්කද මේ ගිවිසුම ගහලා තියෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)