මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ගැන නිරන්තරයෙන් කරුණු දක්වමින්, ඉස්ලාම් දහමට සහ කුරාණයට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කරන ප්‍රංශයේ ‘චාර්ලි හෙබ්දෝ’ සඟරාවට දොස් අහන්න සිදුවී තිබේ.
ඒ, තුර්කිය සහ සිරියාව කලඹමින්, ජීවිත 15,000 කට වඩා වැඩි ගණනක් බිලිගත් භූමි කම්පාවලින් සිදුවුණු හානිය හාස්‍යයට ලක් කර විකට කාටූනයක් පළ කර ඇති බැවිනි.
පියේරික් ජස්ටින් නමැති කාටූන් ශිල්පියා සිතුවම් කළ මෙම කාටූනයෙන් දකින්න ලැබෙන්නේ භූ කම්පාවෙන් සිරියාවේ සිදුවන විනාශයයි. ‘දැන් ඉතිං යුද ටැංකි යැවීමෙන් පලක් නැහැ.’ යනුවෙන් එහි ලියා තිබේ.
එහි අර්ථය මුස්ලිම්වරුන් පරාජය කිරීමට යුද ටැංකි යැවීම අවශ්‍ය නොවන බවත්, භූමි කම්පාවෙන් ඔවුන්ට ඇති තරම් හානියක් සිදුවී ඇති බවත්ය.
‘චාර්ලි හෙබ්දෝ’ සඟරාවට සහාය දක්වමින් අදහස් පළ කළ බොහෝ දෙනා මේ වනවිට සඟරාවට දොස් නගා ඇත්තේ, භූමි කම්පාවෙන් සිදුවුණු මහා විනාශය ‘විහිළුවට’ ගැනීම කිසිසේත් සදාචාරාත්මක නොවන බවය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ විකට සඟරාවට භූමි කම්පාවත් විහිළුවක්