IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ නම් කර ඇත. 73 හැවිරිදි ෆ්‍රන්සුවා බවුරෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි. 

ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වූයේ මීට මාස 6 කට පෙරය. එයින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය. 

මැක්රොන් විසින් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබූ මයිකල් බානියේ පසුගිය දා විශ්වාසභංගයකින් ඉවත් කෙරුණි. මෑත ඉතිහාසයේ අඩුම කාලයක් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ පුද්ගලයා වන්නේ, මයිකල් බානියේය. 

බානියේට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒම සිදුවූයේ ඔහු අයවැය පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව සිදු කළ කප්පාදු ජනතා අප්‍රසාදයට හේතුවක් වීම නිසාය. මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රන්සුවා බවුරෝ නම් කළේ ඉන් අනතුරුවය. 

මැක්රොන්ට ද ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් බලපෑම් කරයි. කෙසේ නමුත්, පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කර ඇත. මැක්රොන්ගේ ජනාධිපති ධුරය අවසන් වෙන්නේ 2027 දීය.

 



අදහස් (0)

ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site