IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ප්‍රංශය පුරා විරෝධතා ඇවිලෙයි

නව විශ්‍රාම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින්, විශ්‍රාම වයස අවුරුදු 64 සිට 62 දක්වා අඩු කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ජනාධිපති මැක්රොන් මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රංශ විපක්ෂයේ විරෝධය මැද, විශේෂ ව්‍යවස්ථාමය බලතල භාවිතයට ගනිමිනි. මැක්රොන්ගේ මෙම නව විශ්‍රාම ප්‍රතිපත්තියට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව විපක්ෂය පෙන්වා දී තිබේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා ඇත්තේ, ඔවුන් ජනාධිපති මැක්රොන්ට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනෙන බවය.

නව විශ්‍රාම ප්‍රතිපත්තියට එරෙහිව පැරිස් අගනුවර පැවැති විරෝධතාවලට වෘත්තීය සංගම් රැසක් ද එක් වී සිටි බව පැවැසෙයි. පැරිස් අගනුවර විරෝධතා පැවැත්වූයේ ‘පැලෙස් දෙ කොන්කෝඞ්’ මහජන චතුරස්‍රයේය.

පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කරමින්, රුස්ව සිටි දසදහසක් විරෝධතාකරුවන් විසුරුවා හරිද්දී, විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිසිය අතරේ දරුණු ගැටුම් හට ගත්තේය. පොලිසිය පැවැසුවේ 6,000 ක පිරිසක් විරෝධතා සඳහා සහභාගී වූ බවත් 217 දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවත්ය.

පැරිස් අගනුවරට අමතරව, මාර්සේල්, ඩිජොන්, නන්තේස්, රින්ස්, රුඑන්, ග්‍රෙනෝබ්ල්, තුලූස් සහ නීස් යන ප්‍රංශ නගරවල ද ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශය පුරා විරෝධතා ඇවිලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20284 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18090 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10832 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 515 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site