IMG-LOGO

ප්‍රංශයේ දේවස්ථානයකදී පිහියකින් ඇන තිදෙනෙකු ඝාතනය කෙරේ

 
ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍ර - දාම් බැසිලිකා දේවස්ථානයේ දී පුද්ගලයකු විසින් පිහියකින් ඇනීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය විසින් ආයුධ සන්නද්ධ සැකකරුට වෙඩිතබා ඇති බවත් නාගරික බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ පල්ලිය තුළ දෙදෙනකු මියගොස් සිටි බවයි. කාන්තාවගේ සිරුර පල්ලිය ආසන්නයේ වැටී තිබියදී සොයාගෙන ඇත.

නයිස් නගරාධිපති ක්‍රිස්ටියන් ඒස්ට්‍රොසි පවසා ඇත්තේ තම නගරයේ සිදුවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පිහි ඇණුම සිදුකළ පුද්ගලයා "අල්ලාහ් අක්බර්" යනුවෙන් කෑගසා ඇති බවය.

ඝාතනයට ලක්වූ ඒක් අයෙකු පල්ලියේ පාලකවරයා බවද ඔහු පවසයි.

"ඉස්ලාම් අන්තවාදය ප්‍රංශයෙන් අතුගා දැමීම සඳහා සාම නීති වලින් නිදහස් වීමට ප්‍රංශයට දැන් කාලය පැමිණ තිබේ," යැයි ඒස්ට්‍රොසි පැවසීය.

නයිස් ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුලත ප්‍රංශයේ දකුණු දිග අවිග්නොන් නගරයේ මගියෙකුට තුවක්කුවක් ඒල්ලකරමින් තර්ජනයකළ පුද්ගලයෙකු පොලිසිය විසින් ඝාතනය කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ප්‍රංශයේ දේවස්ථානයකදී පිහියකින් ඇන තිදෙනෙකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site