තමා නොසලකා හැරියේ යැයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්ට දොස් නගා තිබේ.
රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය දැක්වීමට ඉතාලි අග්‍රාමාත්‍යවරිය ද කටයුතු කර තිබේ. ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සමඟ එක් වෙමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරෝධය දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමිනි.
කෙසේ නමුත්, යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් පැවැත්වුණු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනීට ඇරැයුම් කර තිබුණේ නැත. අග්‍රාමාත්‍යවරියගේ විරෝධයට සහ අප්‍රසාදයට හේතුවක් වූයේ මෙයයි.
එම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙනි. ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්ට ද එම භෝජන සංග්‍රහයට ඇරැයුම් කර තිබුණි.
කෙසේ නමුත් සෙලෙන්ස්කී, ප්‍රංශ සංචාරය අවසන් කර බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට පැමිණ යුරෝපා සංගමයේ සාමාජිකයන් හමුවී සාකච්ඡා පවත්වද්දී ඔහුට ඉතාලි අග්‍රාමාත්‍යවරිය හමුවීමට අවස්ථාව උදා විය.
රුසියන් යුක්රේන යුද්ධයේදී, යුරෝපා සංගමයේ සාමාජිකයන් අතර එකමුතුවක් තිබීම විශාල ජයග්‍රහණයක් මෙන්ම යුක්රේනයට එය විශාල ශක්තියක් බව ද එම අවස්ථාවේදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශයට ජර්මනියට ඉතාලි අගමැතිනිය දොස් කියයි