IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පෙම්වතාට මාරු වී යන්න බැරිවේ

පිරිමින් බිය ගැන්වීමේ සමත් තවත් වැඩකටයුත්තකට කාන්තාවන් අත ගසා ඇත.

මේ දිනවල අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ වෙබ් අඩවි වලින් භාවිතා කරන ලද ගර්භණී භාවය පරීක්ෂණ පති‍්‍රකා මිලදී ගැනීමේ හැකියාව ඇත.මේවා විකිණීමට දමා තිබෙන්නේ ගර්භණී කාන්තාවන් වන අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ බොරුකාර සැමියන් පෙම්වතුන් සිටිනා කාන්තාවන්ට මේවා යොදාගෙන තම පෙම්වතුන් හා සැමියන් බිය ගන්වා තබා ගන්නයැයි දිරි ගැන්වීමය.

පරීක්ෂණ පති‍්‍රකාවක් ඩොලර් 25(රුපියල් 3375 ) සිට ඉහළ මුදල් ප‍්‍රමාණ වලට විකිණීමේ දමා තිබේ.

අන්තර්ජාලයේ භාණ්ඩ හුවමාරු හා වෙළදාම් වෙබ් අඩවියක් වන ක්‍රෙයිග්ස් ලිස්ට් වෙබ් අඩවියේ මෙවන් වෙළද දැන්වීම් බොහෝමයක් ඇත.

‘‘ඔබ මගහරින්නේයැයි පෙනෙන ඔබේ පෙම්වතාගෙන් කැමැත්ත ගැනීමට ඔබට අවැසිද?..එසේ නම් යොදාගන්න.‘‘ යැයි එක් වෙළද දැන්වීමක සදහන්ය.

ගර්භණී භාවය පරීක්ෂා කෙරෙන මේ පති‍්‍රකා වලින් තමන් ගර්භණී වී ඇත්දැයි යන්න සොයාගැනීමට කාන්තාවකට හැක.මුත‍්‍ර සමග මුසුවෙන හෝමෝනයක් ගර්භණී සමයේදී කාන්තාවන්ගේ සිරුරේ නිපදවෙන අතර එම මේ පති‍්‍රකා එම හෝමෝනයට සංවේදී වේ.ගර්භණී දැයි පරීක්ෂා කිරීමට මුත‍්‍ර බිදු කිහිපයක් පරීක්ෂණ පති‍්‍රකාව මතට දැමිය යුතු අතර එවිට එහි පැහැය වෙනස් වේ නම් ගර්භණී වී ඇතැයි පූර්ව නිගමනයකට එළැඹිමේ හැකියාව තිබේ.

භාවිතයෙන් පසු ගර්භණී බව තහවුරු කෙරෙනා ආකාරයට පැහැය වෙනස් වී ඇති පරීක්ෂණ පති‍්‍රකා මෙසේ විකිණීමට දමා තිබේ.මේවාට ඉහළ ඉල්ලූමක්ද ඇති බව පෙනී යන්නේ භාවිතා කළ පරීක්ෂණ පති‍්‍රකා විකිණීමට ඇතැයි සදහන් වන වෙළද දැන්වීම් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇති බැවින්ය.

 



අදහස් (0)

පෙම්වතාට මාරු වී යන්න බැරිවේ

ටිරෝන් Monday, 02 September 2013 09:58 PM

අපේ අයට අහුවුණොත් සොරිම තමා (නි)

:       0       0

රුසෙල් Tuesday, 03 September 2013 12:31 AM

ඔන්න කොල්ලනේ අහු වෙන්න එපා. දැන් මායම් 67 යි (නි)

:       0       0

කටා මාමා Monday, 02 September 2013 05:10 PM

කරන සමීක්ෂණය කා වෙනුවෙන්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1499 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1654 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 436 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site