IMG-LOGO

පාප්තුමා පැපුවා නිව්ගිනියාවේ

ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගියේය. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

වානිමෝ වෙරළාශ්‍රිත නගරයේ දී පැපුවා නිව්ගිනියා බලධාරීන් පාප්තුමන් පිළිගත්තේ එරට ස්වදේශීය වැසියන්ගේ සම්ප්‍රදායට අනුව, පිහාටුවලින් හැඩ ගැන්වුණු හිස් වැස්මක් පලඳවමිනි.

පාප්තුමන් පැපුවා නිව් ගිනියාවට පැමිණියේ මිෂනාරීවරුන් කළ ආරාධනාවක් පිළිගනිමිනි.

පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

පැපුවා නිව්ගිනියා සංචාරය අවසන් කිරීමෙන් පසු පාප්තුමා නැගෙනහිර ටිමෝර් රාජ්‍යයටත් පසුව සිංගප්පූරුවටත් යෑමට නියමිත බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමා පැපුවා නිව්ගිනියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site