IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාප්තුමා තේරීමේ දෙවැනි ඡන්ද විමසුම තීරණයකින් තොරව අවසන්

නව පාප්තුමා තෝරා ගැනීමට රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටින කාදිනල්හිමිවරුන් එකසිය පහළොස් දෙනා අතරේ පැවැති රහස් ඡන්දයේ දෙවැනි වටය ඊයේ (13) තීරණයකින් තොරව අවසන් වූ අතර, ඒ බව ලොවට දැනුම් දුන්නේ එම දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුම් වළා නිකුත් කිරීමෙනි.

දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වෙමින්

පාප්තුමා තෝරා ගැනීම සිදු වන්නේ කතෝලික ආගමික වත්පිළිවෙත් සහ සම්ප‍්‍රදායට අනුවය. කාදිනල්තුමන්ලා 117 දෙනකු ලොව පුරා විසිරී සිටියත්, ඡන්ද විමසුම සඳහා වතිකානුවට රැස්ව සිටින්නේ 115 දෙනකු පමණි.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ ද කාදිනල් හිමිවරුය. තමන්ට ඡන්දය දීමට කාදිනල්වරයකුට නොහැකිය. පාප්තුමා වීමට නම් ඡුන්ද 77 කට වැඩි ප‍්‍රමාණයක්, එනම් 2/3 ක බහුතර ඡුන්දයක් ලබා ගත යුතුවේ.
මෙවර පාප් පදවියට සුදුසුකම් ලැබූවන් 25 දෙනකු සිටින බව බටහිර මාධ්‍ය පවසන අතර එම 25 දෙනා අතර ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ද සිටී.
පාප්තුමකු තෝරා ගැනීමට අපොහොසත් වුවහොත් කාදිනල්වරු ඔවුන්ගේ ඡන්ද පති‍්‍රකා පුළුස්සා දමති. එම ඡන්ද පති‍්‍රකා ගිනි තැබීම සිදු කරන්නේ විශේෂ රසායනික ද්‍රව්‍යයක් ද භාවිත කරමිනි. දුම තද කළු පැහැයෙන් යුක්ත වන්නේ එනිසාය.
පාප්තුමකු තෝරා ගතහොත්, ඡන්ද පති‍්‍රකා සාමාන්‍ය පරිදි ගිනි තැබීම සිදු කරන අතර එවිට සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් නිකුත් වන්නේ සුදු පැහැති දුමකි. 
දහස් සංඛ්‍යාත කිතුනු බැතිමත්හු පිරිසක් වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිට රැස්වී නව පාප්තුමා තෝරා ගන්නා එම අවස්ථාව දැක බලා ගැනීමේ අරමුණින් පෙරේදා (12) සිට නොඉවසිල්ලෙන් බලා සිටිති. නව පාප්තුමකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු ඉදිරි දින කිහිපය තිස්සේ ද පැවැත් වනු ඇතැයි පැවැසේ.

නව පාප්තුමා දැක ගැනීමට සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිටට රැස්ව සිටින පිරිස

 

සිස්ටයින් දෙව්මැදුරට කාදිනල්තුමන්ලා ඇතුළු වෙමින් ...

 

 



අදහස් (0)

පාප්තුමා තේරීමේ දෙවැනි ඡන්ද විමසුම තීරණයකින් තොරව අවසන්

නිල්මිනි Thursday, 14 March 2013 03:47 PM

දන්න කෙනෙක් කියන්න රෝස පාට දුමක් ආවෙත් මොකද කියලා.. මම දැක්කා කටුනායක එහෙම..!(නු)

:       0       0

අසංක පෙරේරා Thursday, 14 March 2013 06:34 PM

නිල්මිනි මම නම් දන්නවා.. ඕක යුරෝපයේ ප්‍රසිද්ධ රහසක්..ලෝකයේ නන් දෙසින් පූජකයන් අතින් අතවරයට ලක්වුණ ළමුන් ගැන යුරෝපා රටවල ලොකු ආන්දෝලයනයක් තියෙනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site