ඉන්දියාවත් රුසියාවත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, 21 වැනි ඉන්දු රුසියා සමුළුවට සහභාගී වීමට, රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඉන්දියාවට පැමිණියේය.
රුසියන් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. 2019 වසරේ පැවැත්වුණු 'බ්‍රික්ස්' සමුළුවෙන් පසු, රුසියන් ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙය විය.
ඊට අමතරව, 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් ලොව ප්‍රධාන පෙළේ රාජ්‍යයක නිල සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය යැයි ද ඉන්දීය මාධ්‍ය පවසා තිබුණි.
රුසියන් ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය, භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් එකකි. ඉන්දියාවත් රුසියාවත් අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නව සබඳතා වර්ධනය කර ගැනීම මෙහිදී සිදුවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් ඉන්දියාවේ