IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පුටින්ගේ මෝටර් රථය ගිනි අරන්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපුරා විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ලිමොසීන් මෝටර් රථය ගිනිගෙන ඇත්තේ, මොස්කව් අගනුවර ෆෙඩරල් බුද්ධි අංශ මූලස්ථානය ඉදිරිපිටදීය. එම අවස්ථාවේ රුසියන් ජනාධිපතිවරයා මෝටර් රථයේ සිට නැත.

කෙසේ නමුත් සිදුවීම මුල්කොට ගනිමින්, ජනාධිපති පුටින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇතැයි පැවැසෙයි.

රුසියන් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.

රුසියන් ආරක්ෂක අංශ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

ඇමෙරිකන් ඩොලර් 3,55,796 ක් වටිනා අවුරුස් වර්ගයට අයත් එම මෝටර් රථයෙන් ගිනිදැල් සහ දුම් නැගෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.



අදහස් (1)

පුටින්ගේ මෝටර් රථය ගිනි අරන්

ගුණරත්න Monday, 31 March 2025 08:17 AM

ලක්ෂ ගණනාවක් මරණ වලට වගකිවයුත්තෙක් මේ. කෝටි දහස් ගණනාවක් දේපළ හානියක්, පරිසර හානියක් කල තැනැත්තෙක් මේ!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site