IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ් නිවාස අඩස්සියට

පාකිස්තානයේ හිටපු අගමැතිනියක වන බෙනාසීර් භූතෝ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් තවදුරටත් නිවාස අඩස්සියට පත් කළ යුතු බව රාවල්පිණ්ඩි ත‍්‍රස්තවිරෝධී  අධිකරණය ඊයේ(26) නියෝග කළේය.
අගමැතිනී භූතෝ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුෂාරෆ් පෙරේදා එරට ෆෙඩරල් පරීක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අවස්ථාව වනවිටත් දෙසතියක කාලයක් සඳහා ඔහු නිවාස අඩස්සියට පත් කරන ලදී.
අත්අඩංගුවට ගත් මුෂාරෆ් ඊයේ රාවල්පිණ්ඩි ත‍්‍රස්තවිරෝධී අධිකරණය වෙත පැමිණියේ දැඩි රැකවල් මධ්‍යයේය. අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මුෂාරෆ් දින තුනක කාලයක් නිවාස අඩස්සියේ රඳවා තබා ගත යුතු යැයි විනිසුරුවරු තීරණය කළහ.
නිවාස අඩස්සියට පත් කෙරුණු මුෂාරෆ් ලබන 30 වැනිදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
හිටපු ජනපතිවරයා මෙන්ම හමුදාපතිවරයා ද වන මුෂාරෆ් ඉස්ලාබාද් අගනුවරට ඔබ්බෙන් පිටිසරබදව පිහිටි සිය ගොවිපොළ නිවසෙහි පොලිස් ආරක්ෂාව යටතේ නිවාස අඩස්සියට පත්කර ඇත. ඒ, බලයේ සිටිද්දී ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමත්, ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීමත් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටීම හේතුවෙනි.
පාකිස්තානයේ හිටපු අගමැතිනියක වන බෙනාසීර් භූතෝ 2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවල්පිණ්ඩි නගරය ආසන්නයේ පැවැති මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටියදී ඝාතනයට ලක්වූවාය. භූතෝ ඝාතනය සම්බන්ධයෙන් අදවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

 

රාවල්පිණ්ඩි අධිකරණය ඉදිරිපිට රැුකවල් යොදා තිබූ අයුරු..

 



අදහස් (0)

පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ් නිවාස අඩස්සියට

දයා Saturday, 27 April 2013 11:29 AM

කල කල දේ ඵල ඵල දේ . ඒ ලෝක ස්වභාවයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site