පාකිස්තාන බන්ධනාගාරයකින් රැඳෙවියෝ 216 කට වැඩි පිරිසක් පලා ගියහ. රැඳෙවියන් පලා ගියේ, පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස ද සැලකෙන කරච්චි නුවර ‘මලීර්’ බන්ධනාගාරයෙනි.
කරච්චි නුවර කුඩා භූ කම්පන කීපයකින් දෙදරා යද්දී, බන්ධනාගාර බලධාරීහු වහා ක්‍රියාත්මක වී, රැඳෙවියන් ඔවුන්ගේ රැඳවුම් කුටිවලින් ඉවතට ගෙන ආරක්ෂිත ස්ථානයකට යොමු කළහ. රැඳෙවියන් පලා ගොස් ඇත්තේ එම අවස්ථාවේදීය.
කරච්චි නුවර අයත් වන්නේ සින්ද් ප්‍රාන්තයටය. සින්ද් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, භූමිකම්පාව හේතුවෙන් රැඳෙවියන් බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයකට යොමු කරද්දී, ඔවුන් බන්ධනාගාර නියාමකවරුන්ට පහර දී පලා ගිය බවය.
පොලිස් වාර්තා උපුටා දක්වමින්, පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, පලා ගිය 216 දෙනාගෙන් 78 දෙනකු අල්ලා ගත් බවය. රැඳෙවියන් අල්ලා ගැනීමට ආරම්භ කළ මෙහෙයුමට කරච්චි පොලිසියේ ද සහාය හිමිවන බව පැවැසෙයි. සෙසු රැඳෙවියන් සොයා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද වාර්තා වේ.
පාකිස්තාන බන්ධනාගාරවලින් රැඳෙවියන් පලා යෑම නිරන්තරයෙන් සිදුවෙයි. ඒ, ඒවායේ ආරක්ෂාව දුර්වල බැවිනි. පාකිස්තානයේ බන්ධනාගාර තලේබාන් සාමාජිකයන් ද සිරගත කර ඇති අතර, එවැනි බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාකිස්තාන බන්ධනාගාරයකින් 216 ක් බලා ගිහින්