IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


පාකිස්තානු නිර්මාතෘ අලි භූතෝගේ බිරිඳ මියයයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාකිස්තානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එරට ප‍්‍රථම අගමැති අලි භූතෝගේ බිරිඳ වූ අසූ දෙහැවිරිදි නස්රත් භූතෝ ඊයේ (23) ඩුබායිහිදී මියගිය ගියාය. ඒ සමගම වත්මන් අගමැති යුසුෆ් රාසා ගිලානි, නස්රත් භූතෝගේ අභාවය සැමරීමට දින දහයක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඇය, ඝාතනයට ලක්වූ හිටපු පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ මව වේ. ඉරාන ධනවත් පවුලක උපන් නස්රත් පසුකාලීව කරච්චියට පැමිණ විවාපත් වූ පසුව පාකිස්තානු ජනතා පක්ෂයෙහි ක‍්‍රියාකාරියක් ලෙස ද කටයුතු කළ අතර දෙවරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස ද තේරී පත්වූවාය. අනතුරුව 1979 දී සියා උල් හක්ගේ ඒකාධිපති පාලන සමයේදී අලි භූතෝගේ ඝාතනයත් සමග ඇය පාකිස්තානු ජනතා පක්ෂයේ සභාපතිත්වයට පත් වූවාය. ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස ජාතික කොඩිය අඩකුඹු කොට තබනු ලබන බව පාකිස්තානු රජයේ නිලධාරීහු ප‍්‍රකාශ කළහ. දකුණු සින්ද්් පළාතේ පිහිටි භූතෝ පවුලේ සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පාකිස්තානු ජනතා පක්ෂ ප‍්‍රකාශකයෙක් පැවසීය. නස්රත් භූතෝ මහත්මිය (මැද) හා බෙනාසීර් භූතෝ අගමැතිනිය (වමේ) 1997 දී ඉස්ලාමාබාද් ගුවන් තොටුපලට පැමිණි අවස්ථාව



අදහස් (0)

පාකිස්තානු නිර්මාතෘ අලි භූතෝගේ බිරිඳ මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14765 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site