IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම නිසා අඩු තරමින් පුද්ගලයින් 15 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියකු ඉලක්ක කරගෙන මෙම බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එක් බෝම්බකරුවෙක්, පුපුරන ද්‍රව්‍ය සහිත රියක්, උසාවි භූමියෙහි නවතා තිබූ බලූකිස්ථානයෙහි ආරක්‍ෂක අංශ බාර නිලධාරියකු සතු වාහනය අසලදී පුපුරුවා හැරියේය. අනෙක් බෝම්බකරුවා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ නිවසට ගොස් බෝම්බය පුපුරවා ගත්තේය. එම ප‍්‍රහාරයෙන් එහි සිටි ආරක්‍ෂක භටයන් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් කියයි. එම නිවසේ හා යාබද කාර්යාලවලට මින් හානි සිදුවී තිබේ. මෙම ප‍්‍රහාරවල වගකීම මෙතෙක් කිසිම ප‍්‍රචණ්ඩකාරී සංවිධානයක් බාරගෙන නැත. අල්කයිඩා සංවිධානයට සමීප පාකිස්ථානයේ තලෙයිබාන් සංවිධානය මෙවැනි ප‍්‍රහාර පාකිස්ථානය තුළ නිතර දියත් කරයි. පාකිස්ථානය, ඇමෙරිකාව සමග නව සබඳතා ආරම්භ කිරීම ප‍්‍රචණ්ඩකාරී සංවිධානවල ප‍්‍රකෝපයට හේතුවී තිබේ. පළාතේ බලූකිස්තාන ස්වයං පාලනයක් ඉල්ලා සිටින ප‍්‍රචණ්ඩකාරී පිරිස්, තෙල් හා අනෙක් සම්පත්වලින් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ඉල්ලා සිටිති. බලූකිස්තානයේ අගනුවර ක්වෙටා නගරය වෙයි.  එම පළාතේ පාලනය තමන් හට බාර දෙන ලෙස ප‍්‍රචණ්ඩකාරී සංවිධාන දසක ගණනාවක් තිස්සේ සටන් වැද සිටිති.



අදහස් (0)

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site