IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 45ක් මරුට

මරාගෙන මැරෙන බෝම්බකරුවකු පෙරේදා(3) පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නුවර ශියා මුස්ලිම් පල්ලියකට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් 45 දෙනකු මියගිය අතර තවත් 149 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බය පුපුරාගිය ස්ථානය ඉදිරිපිට තිබූ තට්ටු පහකින් සමන්විත නිවාස සංකීර්ණ දෙකකට දැඩි හානි සිදුවිය. එම ප‍්‍රදේශයේ පිහිටි නිවාස සහ වෙළෙඳසල් සියයක් පමණ බෝම්බ ප‍්‍රහාරයෙන් විනාශවී ඇතැයි කරච්චි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් පටිල් රෝහල වෙත රැගෙන ගිය බවත් බෝම්බ පිපිරීම නිසා විනාශවී ගිය නිවාස සංකීර්ණයේ සිටි වැසියන් අසල පිහිටි පාසලක් වෙත යොමු කළ බවත් පාකිස්තාන බලධාරීහු පවසති.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නොමැති අතර පාකිස්තාන බුද්ධිඅංශ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරඇත.
තලේබාන්වරු ඇතුළු සටන්කාමීන් ඉලක්ක කරගෙන සිදු කළ හමුදා මෙහෙයුම් හා ඇමෙරිකා ඩ්‍රෝනයානා ප‍්‍රහාර නිසා පසුගිය වසරේ බෝම්බ ප‍්‍රහාරවල අඩුවීමක් දක්නට ලැබිණි. එහෙත් අල්-කයිඩා සංවිධානයට හිතවත් ලෂ්කාර්-ඊ-ජාන්වි සංවිධානය ප‍්‍රමුඛ සුන්නි මුස්ලිම් පිරිස් විසින් සිවිල් වැසියන්ට එල්ල කරන ප‍්‍රහාර ඉහළ ගොස් ඇත.

බෝම්බය පුපුරාගිය මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ජනයා රැස්ව සිටි අයුරු

 



අදහස් (0)

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 45ක් මරුට

කෙනත් Tuesday, 05 March 2013 09:46 PM

නීච වෙන්න එපා ඔච්චර. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා කියලා මෙත් සිත දසත පතුරවන්න කියා බොදු අපට උගන්වන කාරුණික ශාස්තෘන් වහන්සේ සරණ ගිය කිසිදු කෙනෙක් තම සතුරෙකුටවත් මෙහෙම වෙනවා දකින්න කැමති නැහැ. එය ඔබ තුළම වෛරය ඇතිකරවයි. ඔබේ සිතම කිලිටි කරයි. ඔබටම අකුසල් රැස් වේ. මෙවන් අමානුෂික බෝම්බ ප්‍රහාරයකට ඔබ සතුටු වීමෙන්, ඔබේ අනුකුලතාව, එක්වීම ඇතිවන්නේ බෝම්බය ගැසූ අයගේ මතවාද හා ක්‍රියාවන් සමගයි. එනම් ඔබ මේ ප්‍රානඝාත අකුසලය සතුටු සිතින් පිළිගත්තා වෙයි. අනුමෝදන් වුනා වෙයි. නිරයට යන්න ඔබේ පාර ඔබම හෙළිපෙහෙළි කරගත්තා වෙයි. (නි)

:       0       0

සාලිය Tuesday, 05 March 2013 12:33 PM

අයියෝ සල්ලි මානව හිමිකම් කට්ටිය නිදිද (දී)

:       0       0

ලාල් Tuesday, 05 March 2013 07:46 PM

හොද පුවතක්...!(නු)

:       0       0

ෆසාල් Tuesday, 05 March 2013 08:41 PM

ලංකාවේ මිනිස්සු මැරෙද්දී අපි මුස්ලිම් වුණත් දුක්වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site