විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය.
පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුතු මෙන්ම, එරට ප්‍රධාන ආර්ථික නගරය වන කරච්චි නුවර කටයුතු ද මෙම විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඩපණ විය. ඊට අමතරව, පෙෂාවෝර් සහ ලාහෝර් යන ප්‍රධාන නගරවල කටයුතු ද මුළුමනින්ම අඩපණ වුණු බව මාධ්‍ය වාර්තා පැවැසීය.
පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.
පාකිස්තාන විදුලි බල පද්ධතියේ දෝශයක් යට ගත්තේ අද (23) එරට වේලාවෙන් උදෑසන 7.34 ට පමණය. කෙසේ නමුත් බිඳ වැටුණු විදුලිය සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියා කරන බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක්