IMG-LOGO

පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 12ක් මරුට

නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා නුවර මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් ඊයේ(23) පුපුරා යාමෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
හමුදා භටයන් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයක් ඉලක්ක කරගෙන පුපුරුවා හැරි එම බෝම්බය අටවා තිබුණේ මෝටර් රථයකය. කිලෝ සියයකට අධික බරින් යුතු පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන බෝම්බය සාදා තිබුණු බව පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි.
බලූකිස්තාන ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය වන ක්වෙටා තලේබාන් ඇතුළු අන්තවාදී සටන්කාමීන්ගේ ප‍්‍රහාර බහුලව එල්ල වන ප‍්‍රදේශයක් ලෙස සැලකේ.
බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනෙක් පොලිස් නිලධාරීහු වෙති. සිද්ධියෙන් 23 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් බාර ගෙන නැත. ආරක්ෂක අංශ සාමාජිකයන් රැුගත් ට‍්‍රක් රථය බෝම්බ ඇට වූ මෝටර් රථය අසළින් ගමන් කරමින් තිබියදී එය දුරස්ථ පාලකයක් ආධාරයෙන් පුපුරුවා හැර ඇත.



අදහස් (0)

පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 12ක් මරුට

චම්පි Friday, 24 May 2013 11:15 PM

දෙවියෝ හොදට මේ අයට සළකනවා වගෙයි (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 04:56 PM

රිස්වාන්, දෙවියන්ගේ කැමත්ත නොවෙයි, මෙය යක්ෂයාගේ කැමැත්තයි. ඊට පිළිතුර දෙවියන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි. ඔය තමයි පකිස්ථානයට ලැබුන දෙවියන්ගේ පණිවිඩය. (නි)

:       0       0

රිස්වාන් Friday, 24 May 2013 01:33 PM

නිහඩ වන්න. මෙය දෙවියන්ගේ කැමැත්තය (නි)

:       0       0

දිලිප් Friday, 24 May 2013 03:25 PM

අපෙත් කැමැත්ත.(නදී)

:       0       0

දිලිප් Friday, 24 May 2013 10:31 PM

අපෙත් කැමැත්ත එයමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site