ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පෙරේදා (13) පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ලෙස තේරී පත් වීමත් සමඟ ලෝක නායකයන්ගෙන් එතුමන්ට සුබ පැතුම් ගලා ඒමට පටන් ගෙන තිබේ.
නොබෝ දිනකින් පැවැත්වෙන එතුමන්ගේ පදවි ප‍්‍රාප්තිය කතෝලික ලොවේ සන්ධිස්ථානයක් වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට පළමුවෙන්ම සුබ පැතුම් එක් කළේ ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටීනා ෆර්නෑනැඬේස් ය.
ආජන්ටිනා රජය සමඟ නිරන්තරයෙන් මත ගැටුම් ඇති කර ගන්නා සහ නොසැලී තීරණ ගන්නා අයකු ලෙස ප‍්‍රකට බර්ගොග්ලියෝ ‘පෙරැළිකාරී චරිතයක්’ යැයි ආජන්ටිනා ජනපතිනිය පැවැසුවාය.
නොබෝ දිනකින් පැවැත්වෙන එතුමන්ගේ පදවි ප‍්‍රාප්ති උත්සවයට ද තමා ද සහභාගී වීමට සූදානමින් සිටින බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිනිය වැඩි දුරටත් කියා ඇත.
කිතුනු බැතිමතකු වන ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද පවසා ඇත්තේ ලෝක සාමය වෙනුවෙන් සහ දිළිඳුකම නැති කිරීම වෙනුවෙන් පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමා කටයුතු කරනු ඇති බවය.
ජනපති බැරැක් ඔබාමා ද නව පාප්තුමන්ට සුබ පතා ඇත.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද ආජන්ටිනාවෙන් බිහිවූ නව පාප්තුමන්ට සුබ පැතුම් එක් කළේය. බි‍්‍රතාන්‍ය විසින් යටත් කරගෙන සිටින ආජන්ටිනාවට අයත් ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පසුගියදා ජනමත විචාරයක්
පැවැත්විණි.
ෆෝක්ලන්ත දුපත් වාසීන්ගෙන් අතිබහුතරය බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන අතර පැවැති ජනමත විදාරයෙන් බි‍්‍රතාන්‍ය පාලනය තව දුරටත් අවශ්‍ය බව ඔවුහු පැවැසූහ.
එය ආජන්ටිනා රජයේ විරෝධයට හේතුවක් ද විය.
ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් කියා සිටියේ යුරෝපා රටකින් බැහැර පාප්තුමකු පත්වීම මෙන්ම පළමු වරට ලතින් ඇමෙරිකා රටකින් පාප්තුමකු පත් වීම ඓතිහාසික සිදුවීමක් කියාය.
|
| අලූතින් පත්වූ පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් (මැද) ජ්‍යෙෂ්ඨ කාදිනල්හිමිවරුන් ද සමඟ රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටවී යද්දී බැතිමතුන්ට ආසිරි පැතූ අවස්ථාව (ඡායාරූපය: රොයිටර්) |
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නව පාප්තුමන්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
අකිල Friday, 15 March 2013 12:22 PM
අපෙනුත් සුභ පැතුම්! (නි)