ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ ප‍්‍රථම දේව මෙහෙය ඊයේ (19) රෝමයේ වතිකානයේ ශාන්ත පීතර් චතුරස‍්‍රයේදී පැවැත්වුණු අතර දෙස් විදෙස් කිතුනු බැතිමත්හු දහස් ගණනක් එම අවස්ථාවට සහභාගී වූහ.
පාප් පදවියට පත් වීමෙන් පසු පාප්තුමා පවත්වන පළමු දේවමෙහෙය එතුමන්ගේ පදවිප‍්‍රාප්තිය ලෙස ද සැලකෙයි.
දේව මෙහෙය ඉතා චාම් අයුරින් පැවැත් වුණේ නව පාප්තුමන්ගේ උපදෙස් අනුවය.
වතිකාන මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 130 දෙනකු දේව මෙහෙයට සහභාගී වීමට පැමිණ සිටි බවය.
එම පිරිස අතර ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ආජන්ටිනාවේ ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ද සිටියහ.
අභිනවයෙන් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර අගදරගුරු වූ 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ය.
පාප් පදවියට ලතින් ඇමෙරිකානු රටකට පිරිනැමුණු ප‍්‍රථම අවස්ථාව මෙය වන අතරම යුරෝපයෙන් බැහැර රටකට හිමි වූ ප‍්‍රථම අවස්ථාව ද මෙය වෙයි.
දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන කළ අයකු ලෙස ප‍්‍රකට නව පාප්තුමන් චාම් දිවියක් ගත කරන්නකු වන අතර තම ආහාර තමා විසින්ම සකසා ගනී. පාප් ධුරයට පත් වීමෙන් පසු එතුමන්ට හිමිවූ ලිමොසීන් නිල රථය පවා එතුමන් ප‍්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කළේය.
ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අනුව කටයුතු කිරීමටත් දුප්පතුන් වෙනුවෙන් කැප වී කටයුතු කිරීමටත් කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව කටයුතු කළ යුතු යැයි පාප් පදවියට පත් වීමෙන් පසු එතුමන් අවස්ථා ගණනාවකදී පවසා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නව පාප්තුමන්ගේ පළමු දේව මෙහෙය චාමෙට
අජිත් Wednesday, 20 March 2013 11:58 AM
සුභපැතුම් ඔබතුමාට (දී)
අමිල Wednesday, 20 March 2013 11:58 AM
ඉතාමත් වැදගත් වැඩක් ඔබ තුමා ඉතා චාම් චරිතයක් බව අපි දන්නවා
ඩැනියල් Wednesday, 20 March 2013 01:24 PM
කෝ අපේ රටේ ඇමතිවරු.(නදී)