
ඇමෙරිකාවේ 'නොවාවැක්ස්' සමාගම, ඉන්දියාවේ 'සේරම්' ආයතනය සමඟ එක්වී නිපදවන 'නොවවැක්ස්' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, 'නොවවැක්ස්' සඳහා අනුමැතිය දුන්නේ එය හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. ඉන්දියාවේ 'සේරම' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස මෙයයි. පළමු එන්නත 'කොවිෂීල්ඩ්' ය.
'කොවිෂීල්ඩ්' යනු 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ්' විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ හවුලේ නිපදවන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය.
'නොවවැක්ස්' එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමැතිය ලබා දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, ඔවුන් 'නොවවැක්ස්' එන්නත ද ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහනට ඇතුළත් කරන බවය.
'කොවැක්ස්' යනු ලෝක සෞඛ්‍ය සංවිධානය අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ප්‍රදානය කිරීමට පිහිටුවූ වැඩසටහනය. 'කොවැක්ස්' ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානය සමඟ හවුලේය.
දිනෙන් දින අලුත් වන 'කොවිඩ් 19' නව විකෘති වයිරස ඉලක්ක කර ගනිමින් 'නොවවැක්ස්' ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇති බව සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලබන වසරේ සිට ඉන්දීයාවේ කුඩා දරුවන්ට ලබා දීමට සැලැසුම් කර තිබෙන්නේ ද මෙම 'නොවවැක්ස්' එන්නත යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. 'නොවවැක්ස්' මාත්‍රා දෙකකින් සමන්විත එන්නතකි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’නෝවවැක්ස්’ එන්නතට අනුමැතිය
Sriland Monday, 20 December 2021 02:58 AM
මොලය තියන ඕනෑම කීන්කුට තේරෙනවා කොරෝනා හැදුවේ කවුද කියලා