IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නිව්යෝර්ක් ටයිම්ස් කාර්යාංශ ප‍්‍රධානියා පාකිස්තානයෙන් නෙරපයි

පාකිස්තානයේ සිටින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කාර්යාංශ ප‍්‍රධානියා එරටින් නෙරපීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 
අනුමත කළ නොහැකි හා අසාධාරණ පුවත් වාර්තාකරණය නිසා මෙලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කාර්යාංශ ප‍්‍රධානියා වන ඩික්ලෑන් වොල්ෂ් රටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව පාකිස්තාන රජය කියයි.
බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදියකු වන තිස්නම හැවිරිදි වොල්ෂ් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්බන්ධ වූයේ ඉකුත් වසරේදීය. ඒ වන තෙක් ඔහු ‘ද ගාඩියන්’ පුවත්පතේ සේවය කළේය. 
වොල්ෂ්ට පැය 72ක් ඇතුළත රටින් පිටවන ලෙසත් ඔහුගේ වීසා අවලංගු කර ඇති බවත් එම නියෝගයේ සඳහන්ය. 
පාකිස්තානයේ දේශපාලන ගැටුම්, අන්තවාදීන්ගේ කි‍්‍රයා හා ඇමෙරිකාව සමඟ තිබූ මතභේදාත්මක තත්ත්වයන් ගැන ඔහු නිරන්තරයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිපි සැපයූ මාධ්‍යවේදියෙකි.



අදහස් (0)

නිව්යෝර්ක් ටයිම්ස් කාර්යාංශ ප‍්‍රධානියා පාකිස්තානයෙන් නෙරපයි

ගාමිණී-සිරි Monday, 13 May 2013 09:42 PM

බටහිර කියපුවහම කෙලින්ම ඇමරිකාව බලන්නේ ආසියාව වට්ටන්නමයි.අල්ලපු රට කැනඩාව,බ්‍රිතාන්‍ය,රුසියාව, යුරෝපය වගේ රටවලට ඇගිලි ගහන්න බය ඇයි? මේ වෙලාවේ පකිස්ථානය ගත තීරනය හොදයි. (නි)

:       0       0

ජෝයි Monday, 13 May 2013 10:27 AM

ඇයි මොකද ? පාලකයිනේගේ ගුණ වයල නැහැල්ලුද.? (ස)

:       0       0

ශීලා Monday, 13 May 2013 10:28 AM

ආසියාවේ ඉන්න ලොකු ලොක්කන්ගේ හොරකම්,දුෂණ,මැරකම් ගැන ලියපු ගමන් කරන්නේ "ජාත්‍යයන්ත්‍රණ කුමන්ත්‍රණ, විදෙස් බලවේග,එන්.ජි.ඕ. කුමන්ත්‍රණ" යටතේ දොට්ට දාන එක.ප්‍රශස්ති ගී ගැයුවා නම් අන්න හොද පුතා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site