IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


න්‍යෂ්ටික සබ්මැරීන රුසියව අසල මුහුදේ

රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, රුසියාවට පහර දිය හැකි ආකාරයට රුසියාව අසල මුහුදට යවා ස්ථානගත කළේය.

ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා කලාපය තෙවැනි ලෝක යුද්ධයට අතවැනීමක් යැයි දේශපාලන විහ්ලේෂකයෝ බිය පළ කරති. ට්‍රම්ප් සහ මෙඩ්වදේව් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වි සිටී.

සටන් විරාමයකට යන්නැයි ට්‍රම්ප් දිගින් දිගටම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියත්, පුටින් සටන් විරාමයකට කැමැත්තක් දක්වා නැත.

එබැවින් ට්‍රම්ප් රුසියාවට තර්ජනය කළේ දින 12 ක් ඇතුළත සටන් විරාමයකට නොයන්නේ නම්, රුසියාවට එරෙහිව දැනට පනවා ඇති සම්බාධකවලට අමතරව, සියයට 100 ක තීරු බදු පනවන බවය.

මෙය රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් විරෝධයට හේතුවක් වූ අතර, මෙඩ්වදේව් පැවැසුවේ, ඇමෙරිකාවට එරෙහිව සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ පටන් රුසියාව සතුව පවතින න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුසියාව පසුබට නොවන බවය. ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, රුසියාව අසල මුහුදට යැවීම කළේ ඒ අනුවය.



අදහස් (0)

න්‍යෂ්ටික සබ්මැරීන රුසියව අසල මුහුදේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site