IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නයිජර් ජනපතිට දේශද්‍රෝහී චෝදනා

ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගැණුනු නයිජර් ජනාධිපති මොහොමඞ් බාසූම්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව එරට බලය අල්ලා ගත් හමුදා පාලකයෝ පවසති.

නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් අයත් වන්නේ බටහිර අප්‍රිකාවටය. ජනාධිපති මොහොමඞ් බාසූම් අත්අඩංගුවට ගනිමින් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය.

නයිජර් ප්‍රජාතන්ත්‍රවාදී - සමාජවාදී පක්ෂයට නායකත්වය දෙන බාසූම් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. 1995 සිට 96 දක්වා කාලයේ ඔහු විදේශ අමාත්‍ය ධුරය ද හොබවා තිබේ. බාසූම්ගේ ජනාධිපති ධුරය ආරම්භ වූයේ 2021 අප්‍රේල් 2 වැනිදාය.

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය ඔහුට හිමිවෙයි. නයිජර් රාජ්‍යයේ ප්‍රජානත්්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා ඉතා වැදගත් වැඩ කොටසක් කළ තැනැත්තකු ලෙස බාසූම් සැලකෙයි.

ඇමෙරිකාව ප්‍රංශය ඇතුළු බටහිර රටවල් පමණක් නොව, ‘බටහිර අප්‍රිකා කලාපයේ ආර්ථික හවුල’ ද පවසා ඇත්තේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හමුදා පාලකයන්ට සම්බාධක පැනවීමට පියවර ගන්නා බවය. ‘බටහිර අප්‍රිකා කලාපයේ ආර්ථික හවුල’ යනු බටහිර අප්‍රිකා රටවල එකමුතුවෙන් පිහිටුවාගත් සන්ධානයකි.



අදහස් (0)

නයිජර් ජනපතිට දේශද්‍රෝහී චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 391 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site